දේශීය පුවත්

නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එක්සත් රාජධානියේ සිට සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර ඇති බව වාර්තාවේ.

තවද හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඉක්මනින් බෝවන වෛරසයක් බවද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට එක්සත් රාජධානියේ සිට නෙදර්ලන්තයට සහ බෙල්ජියමට ගුවන් ගමන් නවතා ඇති අතර එක්සත් රාජධානියේ සිට බෙල්ජියමට දුම්රිය පැමිණීමද තහනම් කර ඇත.

එක්සත් රාජධානියේ සිට ගුවන් ගමන් තහනම් කිරීමට සැලසුම් කරන බව ඉතාලියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අනාවරනය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කර සිටියේය. ඉතාලිය අනුව යමින් ප්‍රංශය, ජර්මනිය සහ අයර්ලන්තය ද කටයුතු කිරීමට සැලසුම් කිරීමට සලකා බලමින් සිටින බවද විදෙස් වාර්තා ප්‍රකාශ කර සිටී.

මේ වන විට හඳුනාගෙන ඇති නව වෛරස් ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොණ එංගලන්තයේ ඉක්මනින් පැතිර ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More