දේශීය පුවත්

ඉකුත් 15 වැනිදා සවස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.

මේ වන විට සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ කටයුතු මෙහෙයවෙන බව වාර්තා වන අතර ගින්න හටගත් ගොඩනැගිල්ලේ නීතිඥවරුන් සිටින ​ඉහළ මහලකින් හෝ සේවකයකු දැමූ සිගරැට් කොටයකින් ගින්න පැතිරුනේද යන්න සොයා බැලීම මෙහි අරමුණ බවද වාර්තාවේ.
මේ අනුව ඇතිවූ ගින්න අහඹු ලෙස ඇති වූ ගින්නක් මිස කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව මූලිකව තහවුරු වී ඇති බවද වාර්තාවේ.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන නිළධාරින් පවසන ආකාරයට ගිනි නිවන හමුදාව ගින්න පාලනය කළ පසුව ගින්න හටගත් ස්ථානයේ තිබූ කුණු අතරේ තිබී සිගරැට් කොට හතරක් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සොයා ගෙන ඇත.

පරීක්ෂණ නිළධාරීන්ගේ මූලික නිරීක්ෂන වලට අනුව මෙම ස්ථානය අධිකරණ සංකීර්ණයේ සේවකයන් සිගරැට් පානය කිරීමට භාවිතා කරන ස්ථානයක් ලෙස භාවිත කර ඇති බවත් ඉහළ මහල්වල සිටින නිලධාරීන් සිගරැට් පානය කිරීමෙන් අණතුරුව සිගරට් කොට විසි කරන ස්ථානයක් ලෙසද මෙම ස්ථානය භාවිත කර ඇති බවත් හෙළි වී ඇත.

තවද මෙම ස්ථානයේ මෙට්ට ඇතුළු ගිනිගන්නා සුලු භාණ්ඩ රැසක් ද තිබී ඇති බවද තහවුරු වී තිබේ.

පරීක්ෂණ නිළධාරීන් ගින්න ඇතිවූයේ ඉහළ මහලකින් පැමිණි සිගරැට් කොටයක්ද නැති නම් සේවකයකු දමා ගිය සිගරැට් කොටයකින්ද යන්න තහවුරු කිරීම සඳහා තිස් දෙනකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. කෙසේ වුවද දැනට ප්‍රකාශ ලබා දුන් තිස් දෙනාම තමන් දුම් පානය නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More