Notice Board

ආගම පිළිබඳව අර්ථ දැක්වීමක් සහ ලංකාවේ බුද්ධාගම
සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය පිළිබඳව කෙටි විමසුමක්

මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.

මගේ මනස ද වසා සිටි මේ දුර්මතයෙන් මා මුදවා ගන්නා ලද්දේ ටේ‍රවෝ ලිං විද්වතා විසින් ලියන ලද මේ මාහැඟි කෘතිය විසිනුයි. එය මාගේ මනස එතෙක් මා නොදුටු මතයක්, ලෝකයක් වෙත යොමු කරන්නක් විය. අප රජ දරුවන්ගේ පාලනය, ඔවුන් නිම කළ වෙහෙර විහාර, දාගැබ්, වැව් අමුණු පමණක් නොව අප හිමිකරගෙන ඇති චාරිත්‍ර වාරිත්‍ර, ඇගයීම්, ආකල්ප, පුරුෂාර්ථ ආදී ආදී වූ මේ සියල්ල සියවස් ගණනක් තුළ බුදු දහම පදනම් කර අප හදා වඩා ගත් විශිෂ්ට සභ්‍යත්ව රාජ්‍යයක අංගෝපාංග ලෙස පළමු පළමුවරට දැකීමට සමත් වූයේ මේ මාහැඟි කෘතිය මගිනුයි.

ගුණදාස අමරසේකර

බුද්ධාගම ආගමක්ද,දර්ශනයක්ද ?
ඔබ කියවිය යුතුම පොතක් .
බුද්ධ-ට්‍රෙවෝ ලිං.
පරිවර්තනය – නයෝමා ද සිල්වා .
කඩුල්ල ප්‍රකාශනයක්.
මිල රු 750 /=
මෙම කෘතිය ඔබ වෙතම ගෙන්වා ගැනීමට www.kadullabooks.lk හෝ
+94772583942 (වට්ස්ඇප්) 0702924934,0112926969 අමතන්න.
(20% විශේෂිත වට්ටමක් )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More