දේශීය පුවත්

දේශීය වෙදකම ඉහලට ඔසවා තැබීමට දරණ උත්සාහය සමහර මාධ්‍ය මගින් විනාශ කරණ බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ;

“දේශීය වෛද්‍ය ක්‍රමය සහ ඖෂධ පිළිබඳව අධ්‍යයනය කරන්නේ බටහිර වෛද්‍ය මූළධර්ම සහ නිර්ණායකයන්ට අනුකූලව. එතන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඔවුන්ගේ පැත්තෙන් සිදු විය යුතු කාර්‍යභාරය ඉතා සාර්ථකව සිදු කරනව. මේ වනවිට අපේ ජාතික කමිටුවෙන් නිර්දේශ ලබා දී තියෙනව. ඉන් පසුව මහාචාර්‍යවරු හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක නිර්ණායක මත මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනව. ඒ සඳහා විධිමත් පියවර රාශියක් ඔස්සේ ගමන් කිරීමට කටයුතු කරමින් සිටිනවා”.

එක ප්‍රතිකර්මයක් පමණක් නොවෙයි. “ඖෂධ, ඖෂධීය පාන, ඖෂධ වශයෙන් ලබාගත හැකි ආහාරමය අතිරේක වශයෙන් ගුණාංග සහිත” වර්ග රාශියක් අපේ රටේ “ප්‍රවීණ මෙන්ම ඉතා දීර්ඝ කාළයක් තිස්සේ මෙම ප්‍රතිකර්ම නියම කරපු දේශීය වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු” ගණනාවක් විසින් ඉදිරිපත් කර තිබෙනව.

ඒ අතරින් වඩාත්ම හොඳ ඖෂධය, ප්‍රතිකර්මය සොයාගැනීම සඳහා ස්වාධීන කමිටුවක් විසින් අධ්‍යයනයක් සිදු කරනව. ඒ සඳහා අපේ පාර්ශවයෙන් සිදු විය යුතු සියලුම කටයුතු අපි ඉටු කරනව.

එක එක් කෙනාට එක එක මත තියෙන්න පුලුවන් නමුත් මේව අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ පාවිච්චි කරපු පාරම්පරික ක්‍රම සහ ඖෂධ.

නමුත් ඒව යුරෝපයේ, ඇමරිකාවේ හදන එන්නත් තරම් භයානක ලෙස ආසාදිත හෝ ආසාත්මික නෑ. ඒක මතක් කිරීම අවශ්‍යයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More