ප‍්‍රධාන පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සහ Moderna එන්නත්ලාභීන් බොහෝ දෙනෙකු මේ වනවිට විවිධ ආසාත්මිකතාවයන්ට ගොදුරු වීම නිසා එයට විසඳුම් සෙවීමේ අර්බුදයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය [The US Food and Drug Administration (FDA)] මුහුණ පා සිටින අතර ඔවුන්ගේ රෝග වැළැක්වීමේ සහ පාළනය කිරීමේ මධ්‍යස්ථාන [Centers for Disease Control and Prevention (CDC)] සමඟ එයට විසඳුම් සෙවීමේ දැඩි ප්‍රයත්නයක ඔවුන් නිරතව සිටින බව වාර්තාවේ.

මෙම එන්නත් ලබාදීම පසුගිය සතියේ ආරම්භ කරන ලද නමුදු සෑම ප්‍රදේශයකින්ම වාගේ වාර්තා වූ ආසාත්මිකතාවයන් හේතුවෙන් මේ වනවිට මෙම එන්නත් ලබාදීම පිළිබද විවිධ මත පළවෙමින් ඇති අතර ආහාර සහ ඖෂධ අධිකාරියේ ජීව පර්යේෂණ සහ නිර්ණය ආයතනයේ (Center for Biologics Evaluation and Research) අධ්‍යක්ෂ පීටර් මාක්ස් පසුගිය සිකුරාදා (18) දින ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ආසත්මිකතා හානි අවම කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර මේ වනවිට ඔවුන් සූදානම් කර ඇති බවයි.

ඔහු තවදුරටත් සඳහන් කර සිටින්නේ මෙයට හේතුව තවමත් පැහැදිළි නොමැති වුවත් Mඔඩෙර්න එන්නතේ ඇති රසායනිකයක් වන පොලි එතිලීන් ග්ලයිකෝල් මෙයට හේතු විය හැකි බවයි.

මේ අතර ස්ටැන්ෆර්ඩ් හි වෛද්‍යවරුන් සහ හෙදියන් විරෝධතාවයක් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ එන්නත් ලබාදීමේ දී ඉදිරි පෙළ සේවකයින් නොසලකා හැර ඔවුන් කොන්කර ඇති බවයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
https://www.rt.com/usa/510207-pfizer-vaccine-allergic-reactions/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More