ප‍්‍රධාන පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්‌වන පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවෙකුටවත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව පිළිනොගැනීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීම සඳහා පොදුජන පෙරමුණ සමඟ එක්‌ව කටයුතු කිරීම සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පැවැති උතුරුමැද, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්‌නාහිර, වයඹ සහ නැගෙනහිර පළාත් සභා පෙරළා දැමීමට කුමන්ත්‍රණ කිරීම ඇතුළු චෝදනා
රැසක්‌ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය. පළාත් සභා මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටීමත් මෙම තීරණය ගැනීමට හේතු වූ බව ද අදාළ ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More