ක්‍රීඩා පුවත්

අද (20) දින පැවති දෙවන තරඟය කඩුලු 9කින් ජය ගැනීමත් සමඟත තවත් තරගයක් ඉතිරිව තිබියදීම පකිස්ථානයට සමඟ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලිය ජය ගැනිමට නවසීලන්තය සමත් විය.

හැමිල්ටන්හිදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී; හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆීස්ගේ පන්දු 57කදී ලබාගත් ලකුණු 99ක් ද සමග කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනිමට සමත් විය.

පන්දු යැවීමේදි නවසීලන්තයේ ටිම් සවුති ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 35කට දැවී ගිය අතර අනතුරුව සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 63කදී නොදැවී ලකුණු 84ක් ලබා ගත් ටිම් සීෆර්ට් සමඟ එක් වූ නායක කේන් විලියම්සන් නවසීලන් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ටිම් සීෆර්ට් ලබා ගත් ලකුණු 84ට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූ අතර හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමග කේන් විලියම්සන් නොදැවි ලකුණු 57ක් ලබා ගත්තේය.

ඒ අනුව නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More