දේශීය පුවත්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන අතර එම පුද්ගලයින්ගෙන් ආසාදිතයින් 5 දෙනෙකු පමණ දෛනිකව හඳුනාගැණෙයි.

මෙම අවදානම් තත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා,

“රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට එන පිරිස් අපි පරීක්ෂාවට ලක්කරනවා. ඒ අවස්ථාවේ දී දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 5 ක් හෝ 6ක් දරුවන් හෝ මව්වරු කොවිඩ් 19 ආසාදනය තිබෙන වී තිබෙන බවට හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා . ඒ තුළින් අපට කියැවෙනවා ඔබට යම්කිසි අවදානමක් තියෙන්න පුළුවන් කොරෝනා රෝගය වැළඳිලා ඇත්ත නැද්ද කියන කාරණය පිළිබඳව. ඒ වගේම මේ දෙවැනි රැල්ල තුළින් දරුවන් 70කට පමණ ආසන්න ප්‍රමාණයකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මේ වන විට අපි සොයා ගෙන තිබෙනවා . දවස් 20 සිට අවුරුදු 14 දක්වා වු දරුවන් මේ අතර ඉන්නවා. මින් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඉතා කුඩා දරුවන්. මේකට ප්‍රධාන හේතුව මාපියන් වැඩි වශයෙන් දරුවන්ට ස්පර්ශවීමට හා බාහිර සමාජයට ගැටෙන්න ඉඩ දීම සහ දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසයි දරුවන්ට මේ රෝගය වැළඳී තියෙන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More