දේශීය පුවත්

කොවිඩ්-19’ එන්නත මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක ණය මුදලක් අපේක්ෂාවෙන් රජය, ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ලෝක බැංකුවෙන් සහන ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේදීම ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය  යනාදියෙන් ද අරමුදල් ලබාගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇතැයි එම නිලධාරියා කීය.එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් කෙරෙන ජාත්‍යන්තර එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20කට එන්නත ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය දැනටමත් දැනුම් දී ඇත.

ආනයනය කරන එන්නත සහ එහි පිරිවැය ඵලදායීතාව මත අදාළ එන්නත් ආනයනය කිරීමේ වියදම තීරණය වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීම, එන්නත් මිලදී ගැනීම සඳහා ප්‍රදානයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි හෙතෙම කීය.

එන්නත් මිලදී ගැනීම සහ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත්තේ ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියට යැයි ද ඔහු කීවේය.

සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඊට පසුව එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය දිය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතු යැයි ද මෙරටට කොතරම් ඉක්මනින් එන්නත ලැබෙන්නේ ද යන්න තීරණය වන්නේ එන්නත කොතරම් ඉක්මනින් එන්නත ඇණවුම් කරන්නේ ද යන කරුණ මත යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.

සන්ඩේ ටයිම්ස්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More