දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇති බවය.

ඒ අනුව සංචාරකයින් 200ක පමණ පිරිසක් ලබන 26 වන දින කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයින් දැනුවත් කිරීම මේ වන විටත් සිදුකර ඇති බව උපුල් ධර්මදාස මහතා “අද දෙරණ“ට සඳහන් කළේය.

සංචාරකයින් දිවයිනට පැමිණීමේ දී ඔවුන් ගුවන් තොටුපොළ තුළදී පීසීආර් පරීක්ෂණයට යොමුකෙරෙන අතර ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විධිමත් ආකාරයෙන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය.

අද දෙරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More