ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලැබූ 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නව ශ්‍රී ලංකා වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් සමඟින් ඊයේ (26දා) නිමාවට පත්විය.
නවීකරණය කිරීමෙන් අනතුරුව සුගතදාස ක්‍රීඩා පිටියේදී පළමු ජාතික තරගාවලිය ලෙස පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 23න් පහළ පිරිමි උස පැනීම ඉසව්වේදී මීටර් 2.20ක දක්‍ෂතාවක් පෙන්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ උෂාන් තිවංක උළෙලේ විශිෂ්ටතම ක්‍රීඩා තරුව ලෙස සම්මාන දිනාගත්තේය.
මේ අතර ඊයේ දිනයේදී වැදගත්ම සිදුවීම බවට පත්වූයේ අවුරුදු 23න් පහළ මීටර් 400 තරගයට ඉදිරිපත්වූ අඹගමුව විදුහලේ යමානි දුලාංජලී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මධුෂිකා වෙතින් පරාජයට පත්වීමයි. එහිදී මධුෂිකා එම ඉසව්ව තත්.55.65කදී අවසන් කරද්දී යමානිට ඒ සඳහා තත්. 56.10ක කාලයක් වැය වී තිබිණි
කෙසේ වෙතත් සිවු දිනක් පුරා පැවැති මෙම තරගාවලියේ පළමු දිනයේදීම අවුරුදු 20න් පහළ මීටර් 800 ඉසව්වේදී වි:2:09.13ක කාලයක් සටහන් කරමින් නව තරග වාර්තාවක් තැබූ වලල ඒ. රත්නායක විදුහලේ දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ ඊයේ දිනයේදීත් මීටර් 400 ඉසව්වට සහභාගි වෙමින් තත්. 54.36ක කාලයක් සටහන් කරමින් තවත් නව තරග වාර්තාවක් එක්කිරීම විශේෂත්වයකි.
ඊයේ දිනයේදී අවුරුදු 16න් පහළ තුන්පිම්ම (බාලක) ඉසව්වට සහභාගි වූ මරදාන ශා.ජෝශප් විදුහලේ පසිඳු මල්ෂාන් මීටර් 13.52ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද, අවුරුදු 20න් පහළ බාලක මිටිය විසි කිරීමේ ඉසව්වට සහභාගි වූ පේදුරුතුඩුව හාට්ලි විදුහලේ ප්‍රගාෂ්රාජ් මීටර් 39.73ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද, අවුරුදු 23න් පහළ මිටිය විසිකිරීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එස්.එස්.ඩී. පෙරේරා මීටර් 42.81ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද සටහන් කළේය.
තවද අවුරුදු 16න් පහළ මීටර් 400 බාලිකා තරගයට සහභාගි වූ ජනාධිපති බාලිකා විදුහලේ කාවින්දි සංජනා තත්.57.47ක කාලයක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද, එම වයස් කාණ්ඩය යටතේ මීටර් 400 බාලක ඉසව්වට සහභාගි වූ මතුගම ආනන්ද ශාස්ත්‍රාල විදුහල් කණ්ඩායමේ ඉසුරු කෞෂල්‍ය තත්. 49.14ක කාලයක් සටහන් කරමින් නව තරග වාර්තාවක්ද, අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්වට සහභාගි වූ අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන තත්. 46.59ක කාලයක් සටහන් කරමින් නව තරග වාර්තාවක් එක් කිරීමද විශේෂත්වයකි.
අවුරුදු 16න් පහළ – තුන් පිම්ම (බාලක)
1.පසිඳු මල්ෂාන් (ශා.ජෝෂප්) _ මීටර් 13.52 (නව තරග වාර්තාවක්), 2. මලිඳු බෙත්මගේ (රාජගිරිය ගේට්වේ) _ මීටර් 13.36, 3. ජෝයි තේජාන් (ශා.ජූඩ්) _ මීටර් 13.01
අවුරුදු 20න් පහළ – මිටිය විසි කිරීම (බාලක)
1.එස්. ප්‍රගාෂ්රාජ් (පේදුරුතුඩුව හාට්ලි විදුහල) _ මීටර් 39.73 (නව තරග වාර්තාවක්) 2. වී. යදාර්තන් (පේදුරුතුඩුව හාට්ලි විදුහල) _ මීටර් 34.10 3. ටී. අභිෂාන්ත් (පේදුරුතුඩුව හාට්ලි විදුහල) _ මීටර් 31.56
අවුරුදු 23න් පහළ – මිටිය විසි කිරීම (පිරිමි)
1.එස්.එස්.ඩී. පෙරේරා (ශ්‍රී ලංකා ගුවන්) _ මීටර් 42.81 (නව තරග වාර්තාවක්) 2. එච්.එම්.ඒ.එස්. බණ්ඩාර (ශ්‍රී ලංකා යුද හමුදාව) _ මීටර් 42.31, 3. සී. ජෙනෝජන් (වවුනියා දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය) _ මීටර් 32.82
අවුරුදු 16න් පහළ – මීටර් 400 (බාලිකා)
1.කවිඳි සංජනා (ජනාධිපති බාලිකා) _ තත්.57.47 (නව තරග වාර්තාවක්), 2. ගයේෂා විජේරත්න (කොළඹ ආනන්ද බාලිකා) _ වි: 1:00.09, 3. සදීනා සෙව්මිණි (ඇඹිලිපිටිය මොරකැටිය විදුහල) _ වි:1:01.16
අවුරුදු 20න් පහළ – මීටර් 400 (බාලිකා)
1.දිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ (වලල ඒ. රත්නායක) _ තත්. 54.36 (නව තරග වාර්තාවක්), 2. සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) _ තත්. 55.57, 3. රොමේෂි ඉෂාරා (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) _ තත්. 55.88
අවුරුදු 16න් පහළ මීටර් 400 (බාලක)
1.ඉසුරු කෞෂල්‍ය (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය) _ තත්.49.14 (නව තරග වාර්තාවක්), 2. සිතුම් ජයසුන්දර (සර් ජෝන් කොතලාවල) _ 49.80 (පසුගිය වාර්තාව ඉක්මවූවා),
3. කවීෂ් ද සොයිසා (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල) _ තත්.50.07
අවුරුදු 20න් පහළ – මීටර් 400 (බාලක)
1.අරුණ දර්ශන (අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසල) _ තත්. 46.59 (නව තරග වාර්තාවක්), 2. පී.එම්.පී.එල්. කොඩිකාර (කුරුණෑගල මලියදේව) _ තත්. 46.70, 3. පබසර් නිකූ (කොළඹ නාලන්දා) _ තත්. 47.47
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...