පුරවැසි කොලම

නිදහසින් පසු වසර 70 කට පසු වුවද කිසිදුv දේශපාලන උපායමාර්ගිකයකුට හෝ කණ්ඩායමකට එකිනෙකා අතර අවිශ්වාසය සහ සැකය පහවී   ජාතියට නායකයින් බිහිවන ලෙස ජාතියක් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට හැකිව නැත. කිහිපදෙනෙකුගේ අදහස් වලට පමණක් සීමාවී  ඇති ආර්ථිකය නිදහස්වී  දැවැන්ත කාර්යක්ෂමතාවයක් උපදවන  විසදුමක් ඉදිරිපත්කිරීමටද  තවම නොහැකි වී ඇත.උතුරින් නුතන මානව අදහස්වලට පටහැනි ගෝත්‍රික නිජභූමි සංකල්පයක් ඉදිරිපත්ව ඇති අතර තවමත් දකුණින් එයට නොදෙවෙනි ගෝත්‍රික අදහස් මතුවෙමින් ඇත . 80 ක්% ක් නඩත්තු වියදම් සහිත පළාත් සභා සුදු අලියෙකු ජාතියේ ධනය කාබාසිනියා කරමින් වසර 30ක පිළිකාවක් ලෙස ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකික ජාතිය බිහිවිය යුතුය .එකිනෙකා පොදු මනෝවිද්‍යාත්මක බැදීමකින් ශ්‍රී ලාංකික විය යුතුමය.එක පදයක් හෝ දෙමලෙන් ගැයෙන ජාතික ගීයක් සහිත ජාතියක් බිහිවිය යුතුමය. නිදහස්ව සිතීමට හැකි මිනිසුන් බිහිවන ලෙස වහල් ආර්ථිකයෙන් ගැලවිය යුතුය.ජාතික නායකයින් පළාත්බදව බිහිවිය යුතුය. ප්‍රසාරණය වන වේගවත්  ආර්ථික ක්‍රියාකාරිත්වයක තීන්දු තීරණ ගැනීමට සහ මොඩලයන් බිහිකිරීමට වැඩි දෙනෙකුට අවස්ථාවන් ලබාදිය යුතුය.තරගයක් ඇතිකළ යුතුමය . මධ්‍යම රජයේ නීති සම්පාදනයට සහ නියාමනයට යටත් ආර්ථික සංවර්ධන බලතල සහිත නිජබිම් සංකල්ප වලින් බැහැරවූ මුහුදු සීමාවන් සමව ඇති පළාත් 3 ක පහත පරිදිවු බලය බෙදීමේ යෝජනාව ඉදිරිපත් කර සිටිමු.

දමිල බහුතර උතුරු පළාත -ආසන්න වශයෙන් යාපනය ,කිලිනොච්චි ,මුලතිව් ,වවුනියා ,මන්නාරම්,අනුරාධපුර ,ත්‍රිකුණාමල ,පොළොන්නරු දිස්ත්‍රික්ක.-ජනගහනය මිලියන 2.6(සිංහල 1.2) -අගනුවර යාපනය.

බහු සංස්කෘතික මධ්‍යම පළාත -පුත්තලම ,කුරුනෑගල,මහනුවර ,කෑගල්ල,,මාතලේ,නුවරඑළිය,බදුල්ල,මොනරාගල, අම්පාර ,මඩකලපු දිස්ත්‍රික්ක-ජනගහනය මිලියන 7.7-අගනුවර මහනුවර

සිංහල බහුතර දකුණු පළාත -ගම්පහ,කොළඹ ,කළුතර,රත්නපුර,ගාල්ල ,මාතර ,හම්බන්තොට දිස්ත්‍රික්ක -ජනගහනය මිලියන 9.8-අගනුවර ගාල්ල.

මේ පළාත් ආණ්ඩු  වලට ජාතික සම්පත් මධ්‍යම රජයේ අර්ථදැක්වීමට සහ අයිතියට  යටත්ව  බදු පැනවීමේ සහ අදායම් එකතුකිරීමේ ඉඩම් කළමනාකරණය ඇතුළු ආර්ථික සංවර්ධන බලතල ලබාදිය යුතු යයි යෝජනා කර සිටිමු.. නීති සම්පාදන බලතල  ,ජාතික ආරක්ෂාව ,විදේශ සම්බධතා පොලිස්,දේශීය අදායම් සහ සියලු විෂය කරුණු නියාමනය මුළුමනින්ම මධ්‍යම රජයයට වර්තමානයේ ලෙසම පැවතීම යෝජනා කර සිටිමු.

මෙමගින් සියලු ගෝත්‍රික අදහස් යටපත් කල  හැකි මගක් බිහිවනු ඇති  අතර දෙමල පළාත් හෝ සිංහල පළාත් ලෙස බෝඩ් ලෑලි ගසා ගෙන සිටීමේ ඉල්ලීම වෙනුවට ආර්ථික වශයෙන් දියුණු කිරීමේ අභියෝගයද බලතල සහිතව ලබාදෙනු ඇත.පළාත්බද වැඩ කාරයින්ට සහ දක්ෂ උපයමාර්ගිකයින්ට  ජාතික නායකයින් ලෙස මතුවීමේ ඉඩකඩද ලැබෙනු ඇත.දේශපාලනික කුහකකම් මත ඉල්ලන  බලතල වෙනුවට ඊටත් වඩා වැඩි බලතල පුළුල් අර්ථයකින් ලබාදෙනු ඇත.බෝඩ් ලැල්ලක් ගසා ගෙන සිටීමට පමණක් 13වන සංශෝධනය ඉල්ලන ඉන්දියාවටද පුළුල් බලතල සහිත නව යාන්ත්‍රණයට විරුද්ධ වීමේ හැකියාවද අවම වනු ඇත.

සංවාදයට විවෘතයි .

අරුණ කාන්ත බණ්ඩාර

කළමණාකාර අධ්‍යක්ෂක
Healthyfla කර්මාන්ත ශාලාව



One thought on “මධ්‍යම  රජයට සහ එහි නීති සම්පාදනයට සහ නියාමණයට යටත්ව ඉඩම් සහ ආර්ථික බලතල මුහුදු සීමාවන් සහිත පළාත් ආණ්ඩු 3කට  ලබා දී  ජාතියේ ප්‍රධාන ගැටළුව  විසඳා ගනිමු.”

  1. සම්පූරණයෙන්ම විරුද්ධයි මේ යෝජනාවට. ලංකාවේ ඉතිහාසය දන්නේ නැති හින්ද කරන විහිළු යෝජනාවක්. උතුරු පළාතට මන්නාරම, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව ඈඳලා තියෙන්නේ මොකොද මම දන්නේ නැහැ, නමුත් උතුරේ බහුතරය දෙමල වුනේ එහි මුල් පදිංචිකරුවන් වූ සිංහලුන්ව මරා දාල හෝ එළවලා දෙමළුන් එහි පදිංචි වුනු හින්ද. ඔබ ඔය දෙමල බහුතරය කියල වෙන් කරන උතුරු පළාතේ තමයි ලංකාවේ වැඩිම බෞද්ධ පුරාවස්තු තියෙන්නේ. අනුරාධපුරය, පොලොන්නරුව වැනි ඓතිහාසික සිංහල රාජධානි මඟ හැරලා ඔබේ උතුරු පලාතේ අගනුවර විදිහට යාපනය යෝජනා කරන්න ඔබට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. අනිත් එක රටක පරිපාලනය පහසු කරන්න කියලා කිසිම රටක් ජනවර්ග වල ව්‍යාප්තිය අනුව රට බෙදන්නේ නැහැ. එහෙම වෙන් කරනවා නම් කරන්නේ එක්කෝ ජනගහනයේ විශාලත්වය අනුව නැතිනම් භූමියේ විශාලත්වය අනුව. අතීත ලංකාව රුහුණු රට, පිහිටි රට, මායා රට කියලා වෙන් කරන කොට ඒ හැම රටකම (ප්‍රාන්තයකම) හිටියේ සිංහලුන්. එක පළාතක හරි බහුතරයක් අන්‍ය ජාතින් හෝ මිශ්‍ර ජාතින් හිටියා නම් අපේ රජවරු කිසි දවසක ඔය විදිහට කොටස් තුනකට වෙන් කරන්නේ නැහැ. අනිත් කාරණේ ඔබ ඒ බෙදීම ගැන නිරීක්ෂණය කලොත් ඔබට පෙනෙයි රුහුණු, පිහිටි සහ මායා කියන තුන් සිංහලෙටම මධ්‍ය කඳුකරයෙන් කොටසක් වෙන් කරලා තිබුන බව සහ ඒ මායිම් ලකුණු වශයෙන් ගත්ත හැම ගංගාවක්ම, දෙපසින් අනිත් රට හා සම්බන්ධ වුනු බව. මේ බෙදීමට හේතු තුනක් බලපෑවා.
    පළාත් සභා අනිවාර්යයෙන්ම අහෝසි වෙන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට ඊටත් වඩා අන්ත බෙදීමක් යෝජනා කිරීම හරිම හාස්‍යජනකයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More