දේශීය පුවත්

ලෝක සෞඛ‍ය සංවිධානය විසින් කොවැක්ස් (COVAX) නම් වැඩ සටහනක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව රටේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 එන්නත් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවත් ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍යය චන්න ජයසුමන මහතා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සඳහන් කරන ලදී.

එම සැලසුම අනුව ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer සහ Moderna එන්නත්, එංගලන්තයේ නිෂ්පාදිත AstraZeneca එන්නත, රුසියාවේ නිෂ්පාදිත Sptnik V එන්නත, චීනයේ නිෂ්පාදිත Sinovac සහ තවත් එන්නතක් යන එන්නත් 6ක් පිළිබඳව සලකා බලමින් සිටින බවත් ප්‍රකාශ කරන ලදී.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ලෝක සෞඛ‍ය සංවිධානයේ ලියාපදිචි කර දැනට 96%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති රුසියාවේ Sptnik V එන්නත පිළිබඳව ලබන සතියේදී රුසියානු රජය සමඟ නිළ වශයෙන් තානාපති මට්ටමින් සාකච්ඡා ආරම්භ කරන බවත් මහාචාර්‍යයවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More