දේශීය පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් සැකකරුවන්ගේ අනන්‍යතාවය ලොවට අනාවරණය කරමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ රූප ප‍්‍රචාරය කළ යුතු බවට කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ,අධිකරණයක් මගින් නඩු විභාගයක් පවත්වා වරදකරුවකු කර දඬුවම් නියම කිරීමට පෙර විමර්ශන අවස්ථාවේදී වරදකරුවන් ලෙස හුවා දක්වමින් සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම ඉතාමත් වැරදි සහගත බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ සරත් වීරසේකර මහතාගේ නොදැනුවත්භාවය හා අනවබෝධය නිසා එසේ ප‍්‍රකාශ කර ඇතැයි ද එකී ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි කි‍්‍රයාවක් වන්නේ යැයි ද එය යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියට සිදුකරනා බාධාවක් වන්නේ යැයි ද යනුවෙන් ප‍්‍රකාශ කළේය.

“පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගෙන් ලබා ගන්නා පාපොච්චාරණ හා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනා ආකාරය මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම ඉතා නින්දිත කි‍්‍රයාවක්. එමගින් සැකකරුවන්ට විශාල අසාධාරණයක් සිදුවනවා. එම ක්‍රියාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් රටවැසියන්ට හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව අමාත්‍යවරයා වටහාගත යුතුයි” යනුවෙන් යූ ආර් ද සිල්වා මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පවසා සිටියේ,සැකපිට අත්අඩංගුවට ගන්නා යමෙකුගෙන් මාධ්‍ය ඉදිරියේදීදී ප‍්‍රශ්න කරනා පොලිස් නිලධාරීන් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කර කටයුතු කිරීම අධිකරණ කටයුතුවලට අත පෙවීමක් වන්නේ යැයි ද පවසා සිටියේය.

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මෑත කාලයේදී දේශපාලන බලධාරීන් විසින් කරන ලද යම් යම් ප‍්‍රකාශ යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියට අහිතකර බලපෑම් ඇති කර ඇති බව පෙනී යෑම නිසා සිය සංගමය මෙම මාධ්‍ය හමුව සංවිධානය කළ බවයි.

අධිකරණයක් විසින් ස්වාධීන සාක්ෂි මත එළැඹිය යුතු නිගමනයකට අමාත්‍යවරයා යෝජනා කරන කි‍්‍රයාවලිය අනුව දැඩි බාධාවක් බවත් එබැවින් එවැනි කි‍්‍රයා වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස නීතිඥ ප‍්‍රජාව රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා කීවේය.

කොළඹ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ වසන්ත පිටිගල මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ ඕනෑම සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයකුට අයිතියක් තිබෙන්නාක් මෙන්ම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට සෑම සැකකරුවකුටම සාධාරණ අයිතියක් ඇති බවයි.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡ කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ කැඳවුම්කරු නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් ද සහභාගි වූහ.

මෙහිදී කොළඹ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ වසන්ත පිටිගල මහතාද කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ කැඳවුම්කරු නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු මහතාද අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More