පුරවැසි කොලම

මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් එම්. සී. සී. හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකානු බලධාරීන් ඉවත් කර ගෙන ඇතැයි ඉන්දීය නිව්ස් ඒෂියා වෙබ් අඩවිය හෙළි කර ඇත.

ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලැබෙන මෙම ගිවිසුම තුළින් ඉඩම් හා ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයට දෘෂ්ටිය යොමු කර තිබුණි. පසුගිය යහපාලන රජය යටතේ මේ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අරලියගහ මැඳුරේ කාර්යාලයක්ද ස්ථාපිත කර තිබූ බව හෙළි විය. මේ ගිවිසුම අත්සන් කළහොත් ශ‍්‍රී ලංකා ඇමෙරිකානු කොරිඩෝවක් වන බවටද විද්වත් පාර්ශව විසින් අනතුරු අ`ගවා තිබුණි. 2016 වසරේදී මුලින්ම මෙම ගිවිසුම මෙරටට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජය ඊට එක`ග විය. වත්මන් රජය බලයට පැමිණි පසු මේ ගිවිසුම සම්බන්ධව විද්වත් කමිටුවක් පත් කළ අතර එහි වාර්තාවෙන් පෙන්නුම් කළේ එකී ගිවිසුම අත්සන් නොකළ යුතු බවයි.

මෙම එම්. සී. සී. ගිවිසුම නිසා මෙරට ජාතික ආරක්‍ෂාවටද බරපතළ තර්ජනයක් එල්ල වනු ඇතැයි අනාවරණය වුවත් පසුගිය යහපාලන රජය ඒ කෙරේ අවධානය යොමු කළේ නැත.

මේ පසුබිම මැද ඊනියා සටන්විරාම ගිවිසුම අත්සන් කිරීමට මුල් වූ මිලින්ද මොරගොඩගේ පාත්පයින්ඩර් ආයතනය එම්. සී. සී. ගිවිසුමට එක`ග විය යුතු යැයිද නිර්දේශ කර තිබුණි. එහෙත් රජය එම ඉල්ලීම ඉටු කළේ නැත. සංවර්ධනය වන රටවල්වලට ආධාර කරන මුවාවෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ශ‍්‍රී ලංකාවට යෝජනා කළ එම්. සී. සී. ගිවිසුම යටතේ ප‍්‍රදානය කෙරෙන ඩොලර් මිලියන 480 ක මුදල පසුබිමේ ක‍්‍රියාත්මක වන්නේ ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයේ රහසිගත උපක‍්‍රමය බවද හෙළි විය. මේ ගිවිසුම පසුබිමේ සෝෆා සහ ඇක්සා ගිවිසුම්ද ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් විය. එම ගිවිසුම්වලට සම්බන්ධව ඇමරිකානු නාවික හමුදාවේ ජෝන් ස්ටෙනිස් ගුවන් යානා ප‍්‍රවාහන නැවද ත‍්‍රිකුණාමලයට නුදුරු මුහුදේ නැංගුරම් දමා තිබුණි.

එසේම එම යුද්ධ නැවේ සිට කටුනායක ගුවන් තොටුපළ හරහා භාණ්ඩ ප‍්‍රවාහනය විය. මේ භාණ්ඩ කුමක්දැයි රේගුවට හෙළි වූයේද නැත.

මේ තත්ත්වය මත ඇමෙරිකානු එම්. සී. සී. ගිවිසුම අත්සන් නොකරන බව රජය පවසා තිබුණි. එවන් පසුබිමක් මැද ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමු වී සාකච්ඡා කළ අතර එහිදී පොම්පියෝ පැවසුවේ ගිවිසුමක් අත්සන් කිරීම සිදු වන්නේ ශ‍්‍රී ලංකාවේ එක`ගතාව මත බවයි. එහෙත් ඊට පෙර මෙරට ඇමරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිප්ස් පැවසුවේ ජනපතිවරණයෙන් පසුව එම්. සී. සී. ගිවිසුම අත්සන් කරන බවට සාකච්ඡා සිදුවන බවයි. එහෙත් ඇමරිකානු එම්. සී. සී. ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමරිකාව ගත් තීරණය ඇමෙරිකානු උපාය මාර්ගික ක‍්‍රමවේදයේ ඇද වැටීමකි.

ඉන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට තර්ජනයක් ඇති වීමේ ප‍්‍රවණතාවක් ඇත. 2019 වසරේදී ඇමෙරිකානු ගිවිසුමේ මුල් අදියරට එවකට පැවැති රජය අත්සන් කළත් එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ නැත. එහෙත් ඒ ගැන විවාද ඇති විය. හැකිනම් එම්. සී. සී. ගිවිසුමෙන් ඉවත්වන ලෙසද ජනාධිපති වෙත අභියෝගයක් ඉදිරිපත් විය. එම තත්ත්වය මැද ඇමරිකානු එම්. සී. සී. ගිවිසුමෙන් ඉවත් වූයේ ඇමරිකාවයි. මෙම ගිවිසුම ගැන නිරීක්‍ෂණය කරන විට ගුරුරාවන් කමිටුව ඊට එක හෙළාම එරෙහි විය. එහෙත් මෑතකදී විදේශ කටයුතු ලේකම් ජයනාත් කොළඹගේ පැවසූවේ එම්. සී. සී. ගිවිසුම ගැන මැදි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

එහෙත් ඇමරිකාව විසින්ම එම්. සී. සී. ගිවිසුම ඉවත් කර ගැනීම තුළින් තහවුරු වන්නේ සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට ඉඩතබා එම්. සී. සී. ගිවිසුම ඉවත් කර ගත් බවයි. මේ අතර නිව්ස් ඉන් ඒෂියා වෙබ් අඩවිය තවදුරටත් පැවසුවේ එම්. සී. සී. මණ්ඩලය එය ඉවත් කර ගැනීමට අදාළ හේතුන් පැහැදිලි කිරීමට නියමිතය.

එවන් වාතාවරණයක් මැද එම්. සී. සී. ගිවිසුමේ අරමුණ කුමක්ද? එහි අරමුණ ගොවි ජනතාව සතු ඉඩම් සංවර්ධනය මුවාවෙන් පුද්ගලික අංශයේ පාලනයට ගැනීමත් මාර්ග ඉදිකිරීමටත්ය. මේ නිසා රට දෙකඩ වන බව තහවුරු වී ඇත. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හමුදා සැලසුම්කරුවන් ලොව රටවල් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්නේ වසර කීපයක් ඉදිරියටය.

ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කළ එම්. සී. සී. ගිවිසුමද එවැනි සැලසුමක එක් පියවරකි.

එසේ නැතිව ඇමරිකාව ඩොලර් මිලියන 480 ක ආධාරයක් ප‍්‍රදානය කරන්නේ ශ‍්‍රී ලංකාවට ඇති ආදරය නිසා නොවේ. 2019 වසරේදී ඇමරිකානු හවායි දූපතේ නාවික හමුදා ප‍්‍රධානියා පැවසුවේ ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගරයේ වැදගත්ම උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය බවයි. ඒ සම`ගම රටවල් කීපයකට එම්. සී. සී. ගිවිසුම ඉදිරිපත් කෙරුණි. ඉන්පසු එකදිගටම සෝෆා ඇක්සා ගිවිසුම් ඉදිරිපත් විය. මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පළ කළේ චීනයට එරෙහිව ඉන්දීය සාගරයේ ඒකාබද්ධ කණ්ඩායමක් ස්ථාපිත කළ යුතු බවයි. පොම්පියෝ කළ ප‍්‍රකාශය මැනවින් අවධාරණය කළහොත් මෙරට ඉඩම් සහ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍ර නගාසිටුවීම සඳහා ඇමරිකාව ඉදිරිපත් වීමේ අබිරහස මේ වන විට හෙළි වී ඇත. මේ අතර එම්. සී. සී. ගිවිසුමෙන් ඉවත්වන බවට ඇමරිකානු රජය ගත් තීරණය ගැන ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිප්ස් සහ රාජ්‍ය නොවන සංවිධාන මෙතෙක් කිසිදු ට්විටර් ප‍්‍රකාශයක් කර නැත. මේ එම්. සී. සී. ගිවිසුමට සහය දුන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන පවා එම්. සී. සී. ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීම ගැන නිහඬවී සිටිති. මෙම රාජ්‍ය නොවන සංවිධාන අතර රජයට සම්බන්ධ එන්. ජී. ඕ. සංවිධානයක් ද වේ. මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පැවසූවේ එම්. සී. සී. ගිවිසුම කෙරේ අඩු අවධානයක් යොමු වීම නිසා එය ලබාදීම අත්හැර දැමූ බවයි. එහෙත් සත්‍ය තත්ත්වය නම් විනයට එරෙහිව දියත් කළ සැලැස්ම අනුව එම් එම් සී සී ආධාර ප‍්‍රදානය ලබාදීමට ඇමෙරිකාව තීරණය කිරීමයි. මෙම එම්. සී. සී. ආධාර ප‍්‍රදානයට විදෙස් ගත ශ‍්‍රී ලාංකික ජනතාව සහ දේශපේ‍්‍රමීන් එක හෙලාම එරෙහි වූහ. මෙලෙස ඇමරිකාව විසින් එම්. සී. සී. ආධාර ප‍්‍රදානය අත්හැරීම නිසා සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරයකු ඊට එරෙහි වී ඇත.

එසේ වූවත් මේ එම්. සී. සී. අයි. ඒ උගුලක් බව විපක්‍ෂයට අමතක වී තිබේ. මේ ගිවිසුම යහපාලන රජයේ අනුමත කළ අතර ඊට පාර්ලිමේන්තු අනුඅමැතිය ලබා ගැනීමක්ද නොහැකි විය.

කීර්ති වර්ණකුලසූරිය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More