විදේශ පුවත්

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය.

ආසාදිතයන්ගේ සමස්ත ගණන මීට පෙර මිලියන 10 සීමාව ඉක්මවා යනු ඇතැයි අනුමාන කර තිබූ නමුත් පසුගිය කාලයේදී දෛනිකව වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන අඩු වීමත් සමඟ අනුමාන කළ දින පසු වී මෙලෙස අද (19) මිලියන 10 සීමාව ඉක්මවා ගියේය.

රටේ බොහෝමයක් දෙනා මේ වනවිට මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අත්හැර ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව තුළ වයිරසය පැතිර යෑමේ උච්ඡතම අවස්ථාව පැමිණි අතර එක් අවස්ථාවකදී දිනක් ඇතුළත වයිරස ආසාදිතයන් 98,000 ඉක්මවමින් වාර්තා විය. කෙසේ නමුත් මේ මාසයේදී දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය 30,000 ලෙස දැක්විණි.

කෙසේ වෙතත් තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඉන්දියාව එහි දෙවැනි තැන පසුවෙයි. ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 16 ඉක්මවයි.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 25,152 දෙනකු වාර්තා වූ බවත් වයිරස ආසාදිත මරණ 347ක් වාර්තා වූ බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාවෙන් අවසන් වයිරස ආසාදිත මිලියනය වාර්තා වීමට දින 30ක් ගත වී තිබෙන අතර ඉන්දියාව තුළ වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වීමට ගත වූ දෙවැනියට වැඩිම කාලය එය වේ.
ඉන්දියාව ඉදිරි සති කිහිපය ඇතුළත ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රා සෙනකා, ෆයිසර්/බයෝඇන්ටෙක් සහ ඉන්දියානු සමාගමක් වන භාරත් බයෝටෙක් යන සමාගම් ත්‍රිත්වයේ එන්නත්වලට හදිසි අනුමැතිය හිමිවනු ඇතැයි පැවසේ.
කෙසේ නමුත් වයිරස ආසාදිතයන් වාර්තා වීම අඩු වීම සැලකිල්ලට ගැනීමේදී ස්වභාවික ආසාදනය තුළින් ඉන්දියානුවන් අතර වයිරසයට එරෙහි ප්‍රතිදේහ සිරුරු තුළ නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනුමාන කරති.
“ප්‍රජා ප්‍රතිශක්තීකරණය විශාල දෙයක්. ඒ තුළින් වයිරස ව්‍යාප්තිය බිඳ වැටෙනවා” යැයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියකු වන ප්‍රදීප් අවාතේ පැවැසීය. ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි පිහිටා ඇත්තේ ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යනු ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන අතර නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය වන්නේ ද එම ප්‍රාන්තයයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය 20,000 ඉක්මවීය. එක් අවස්ථාවකදී ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඔක්සිජන් සහ ඇඳන් ද රෝහල්වල නොවීය. කෙසේ නමුත් ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු වූ අතර මේ වනවිට දෛනික වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 5,000 අඩු ය.

(රොයිටර් අනුග්‍රහයෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More