දේශීය පුවත්

සමගි ජන බළ වේගයේ (ස.ජ.බ.)යේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව; පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර එම උත්සාහය සඳහා ස.ජ.බ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකගේ සහය ද ලැබෙමින් පවතී.

බදුල්ලේදී ස.ජ.බ.යේ නව ව්‍යවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සඳහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ උත්සාහයක් ඇති බවද දැනගන්නට තිබේ.

මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ද ඇතුළු ස.ජ.බ.ය සමඟ එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබඳව ස.ජ.බ.යේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් විමසූ විට පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස.ජ.බ.යට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබඳව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු පවසා ඇත.

පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් රචිත ”නොකියූ කථා” ග‍්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය. ඊට පසු එම ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටය. තම පක්‍ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට ද පසුවය.

සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්‍ෂයේ නියෝජිතයකු නම් ඒ මහතා කිසි දිනක එවැනි කි‍්‍රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අතර තිස්ස අත්තනායක මහතා පක්‍ෂය තුල සිට පක්‍ෂය දෙකඩ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉටුකරමින් ඇති බව වැඩිදුරටත් පවසා සිටී.

(රාවය වාර්තාවක් ඇසුරෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More