එලඹෙන 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසත් බස්නාහිර පළාතෙන් පිටතත් මේ වනවිට කොවිඩ් පොකුරැ වර්ධනය වෙමින් තිබෙන නිසා එම දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන ලෙස රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහා පැන ඇති බව දැන දැනත් ජනතාව කඩසාප්පුවලට එක්වී සිටින නිසාත්, ඉන්පසුව උත්සව සමයේ වෙනත් දිස්ත්‍රික්ක හරහා සංචාරය කිරීම සිදුවිය හැකි නිසාත් විශේෂයෙන් බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස දන්වා ඇත.
එය සිදු නොකළහොත් ඉදිරි වසර ආරම්භයේදී කොවිඩ් තත්ත්වය බරපතළ විය හැකි බව උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...