දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (18 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මෙරටේ ව්‍යාප්ත වූ කොරෝනා දෙවැනි රැල්ලත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතු වූ කොරෝනා පොකුරේ ප‍්‍රබල ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය ඉතාම තීරණාත්මක එකක් වනු ඇති බවයි.

ඒ අනුව පොදු මහජනයා හැකිතාක් සංචරණයන් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින බවද එම නිවේදනය මගින් කියවේ.

සෞඛ්‍ය අංශවල මතය වී ඇත්තේ බස්නාහිර පළාතේ පවතින ප‍්‍රබල කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එළඹෙන උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට ජනතාව සංචරණය වීම ඉතාම අවදානම්කාරී විය හැකි බවයි.

සංඛ්‍යා ලේඛන වලට අනුව කොරෝනා දෙවැනි රැල්ල ආරම්භයේ සිට මේ දක්වා වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ද කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වන අතර පෙරේදා දිනය(17 ) වන විට එම ගණන 15365 ක් ලෙස සටහන් වේ.

එසේම ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් 8004ක් ද කළුතර දිස්ත‍්‍රික්කයෙන් 2284ක් ද ලෙස සංඛ්‍යා ලේඛන වල සටහන් වේ.

මේ අතර පෙරේදා ආසාදිතයන් පස්දෙනකු හඳුනාගත් ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ප‍්‍රතිකාර ඒකකයේ 56 වාට්ටුවෙන් තවත් ආසාදිතයින් දසදෙනෙකු ඊයේ හඳුනාගෙන තිබිණි.

එම ආසාදිතයන් පිරිසත් සමග කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන පහළොවකි. ඒ අනුව අදාළ වාට්ටුවෙන් පිටතට යෑම සහ ඒ වෙත ඇතුළු වීම තහනම් කිරීමට ද රෝහල් බලධාරීහු කටයුතු කළහ.

යාපනය සංගාතෙයි මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සහ පොදු වෙළඳ පොළ තුළ අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ මගින් මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අංශ පවසා සිටින්නේ ජනතාව තත්වය නිවැරදි ලෙස අවබෝධ කරගනිමින් සෞඛ්‍ය නිර්දේශ වලට අනුව ක්‍රියාත්මක නොකළහොත් තත්වය ඉතාම බැරැරුම් වීමට ඉඩ ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More