දේශීය පුවත්

පසුගිය රනිල්, මෛත්‍රී හවුල් පාලන සමයේ පසුගිය වසර 05 තුළදී හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා විවිධ අවස්ථාවල ඉදිරිපත්කරන ලද යෝජනා ගණනාවක් මහජන උපයෝගීතා කොමිසමේ විමර්ශනවලින් පසුව අත්හිටවු බව එහි හිටපු සභාපති නීතීඥ සාලිය මැතිව් මහතා හෙළි කර තිබේ.

ඉදිරිපත් කරන ලද එම විවිධ යෝජනා අනුව විදුලිය මිලදී ගත්තේ නම් රුපියල් කෝටි ලක්ෂයක පමණ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අහිමි වන බවත් ඒ අනුව මේ වනවිට විදුලි බල මණ්ඩලය බංකොලොත්වී එහි බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

හිටපු සභාපතිවරයා සමග රාවය පුවත්පත පවත්වනලද සම්මුඛ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිකරමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම ඊට අදාළ පනතේ 07වෙනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ තීරණයක් මගින් සිදු කළ යුතු බවය.

මහජන උපයෝගීතා කොමිසම විසින් පසුගිය වසර 05 තුළ “විදුලි මාෆියාව” පාලනය කිරීමෙන් මෙපමණ මුදලක් ඉතිරිකර දී තිබියදීත් එය නීතිවිරෝධීව විසිරුවා හැරීමෙන් මෙවැනි අතිවිශාල මුදල් කොල්ලයකට ආණ්ඩුවේ ප්‍රබලයින් සූදානම් වන බවට බරපතල සැක මතුවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More