දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බව පරිසර අමාත්‍යය මහින්ද අමරවිර මහතා පැවසිය.

මහින්ද අමරවිර අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි තේ වත්තේ රැක් රෝපණ වැඩසටහනකට (18) දින සහභාගි වෙමිණි.

නව ව්‍යවස්ථාවක් සම්මත නොකරපළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට පිටුපෑමක්– ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරුආචාර්ය ගුණදාස අමරසේකර

ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඒ බව පවසන හෙතෙම මෙසේද සඳහන් කරයි. පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරොන්දුවක් ලබා දුන්නා. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කරන බවයි. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරැදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්ත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමග ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙළීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.’’

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More