දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය මෙම උසස් වීම කර තිබේ.

ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැංකු අධීක්ෂන හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ සහ ව්‍යවහාර මුදල් කළමනාකරණ යන ක්ෂේත්‍රවල විශේෂ පළපුරුද්දක් දරයි. ඇය එම කාලයේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස ද සේවය කළාය. නියෝජ්‍ය අධිපති ලෙස උසස් කිරීමට පෙර ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය සහ අර්ථ සාධක අරමුදල් යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස කටයුතු කළාය.

ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද හිමි කරගෙන ඇත.

එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මහ බැංකු සේවයේ වසර 27කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අධීක්ෂණය හා නියමානය, විදේශ සංචිත කළමනාකරණය සහ ජාත්‍යන්ත මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, සාර්ව විචක්ෂණතා අධීක්ෂණය සහ රාජ්‍ය ණය කළමනාකරණය යන අංශවල විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට නානායක්කාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය, ප්‍රාදේශීය සංවර්ධන, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

නානායක්කාර මහමතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ඇමෙරිකන් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යවේදී උපාධිය ද ලබා ඇත.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More