දේශීය පුවත්

යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පෞද්ගලික පනතක් ලෙස ආගමික හා සුබසාධන,වෘත්තීය ආදි සංවිධාන සංස්ථාගත කර ගැනීමට 1948 සිට තිබු අවස්ථාව මෙමඟින් ඇහිරි ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යහපාලන රජය විසින් 2018 දි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කර මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාටද පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර යහපාලන රජය වෙනස් කර ඇති ස්ථාවර නියෝග පෙර පැවැති තත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සභානායක , අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙවැනිඇතැම් පනත් වසර හතරකටත් වැඩි කාලයක් ස්ථාවර නියෝග කමිටුවට ඉදිරිපත් නොවී තිබෙන බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More