පාරිභෝගික අධිකාරිය විසින් 2020 අගෝස්තු 12 වන දින නිකුත් කළ අංක 2188/31 ගැසට් නිවේදනය මගින් ආනයනික ආහාර ද්‍රව්‍යය වෙළෙඳපලට ඉදිරිපත් කිරීමේදී දවටන වල මුද්‍රණය කළ යුතු පාරිභෝගිකයා දැනුවත් කිරීමේ තොරතුරු සහ අදාල භාන්ඩ ලැයිස්තුව ඉදිරිපත් කොට ඇත.
නමුත් ප්‍රධාන වශයෙන්ම ආහාර වර්ග ඇතුළුව නිෂ්පාදන 54 ක් එම ලැයිස්තුවට ඇතුළත් කර ඇතත් ඊට ආහාරයට ගන්නා තෙල් වර්ග ඇතුලත් කොට නැත.එසේ අසුරණ වල සඳහන් කළ යුතු තොරතුරු අනුව එම නිෂ්පාදන ආනයනය කළ ඒවා නම් අදාල රට සඳහන් කළ යුතුය.ඒ අනුව දැන් ආනයනය කොට ඇසුරුම් කොට විකුණන තෙල් වර්ග ඒවා ආනයනය කළ තෙල් වර්ගයක්ද නැද්ද යන්න සඳහන් කිරීම අවශ්‍යය නොවේ.
මීට පෙර පාරිභෝගික අධිකාරිය විසින් 2016 දී නිකුත් කළ චක්‍ර ලේඛනයක් මගින් පොල්තෙල් වලට පාම්තෙල් මිශ්‍ර කොට විකිනීම සඳහා අවසර ලබා දුන් අතර පාම්තෙල් යන්න පාම්තෙල් ලෙස හැඳින්වීමකින් තොරව ඒවා එලවළු තෙල් යන ව්‍යාජ හැඳින්වීම යටතේ අලෙවි කිරීමට ඉඩ ලබා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...