මුහුණු පොතෙන්
අපදන්නා පරිදි පණ්ඩුකාභය රජසමයේ සිට සුදු ජාතීන් මෙරට ආක්රමණය කරන තෙක් මේරටේ ජනතාව පාවිච්චියට ගත්තේ දේශීය බෙහෙත් වට්ටොරු අනුව සැකැසූ බෙහෙත් වර්ග බව අමුතුවෙන් කිවයුතු නැත.
මේරට සොලීන් ආක්රමණ සමයේ යුධ වැදුනු හෙල වීර සෙබලුන් යුද්ධයේදි ලත් හානි වලට දේශීය පාරම්පරික වෙදකම යොදාගෙන සුව වු බව කවුරුත් දනිති.බුද්ධදාස රජතුමා ගෙඩියක් නිසා ඔත්පලවූ නාගයකු පවා සුවකලේ මේ හෙල වෙදකමට පින්සිදු වන්නටය.
දුටුගැමුනු වලගම්බා වැනි රජවරුන් මේරට සොලීන්ගෙන් බේරාගැනීම සඳහා කළ ඒමහ සටන් වලදී හෙල වෙද පරම්පරාවෙන් ඉදිරි යට ගෙනාආ දේශීය වෙදකමේ බලයෙන් සැමට සුවවූ බවත් රහසක් නොවේ.
දුටුගැමුණු එලාර යුද්ධයේදී විජිතපුර බලකොටුව බිදීමට ගිය කඩොල් ඇතා මතට උනු ලෝදිය වත්කලත් හල වෙද කමේ බලමහිමයෙන් ඒසියලු තුවාල සුවකොට නැවත ගැමුණු මහරජතුමාට සේවය කලේ ඒ කඩොල් ඇතාමය.
අපගේ පාරම්පරික හෙලවෙදකම යන්ත්ර මන්ත්ර නක්ශස්ත්ර ආදී රාවාණ රජුසමයේ පටන් මුඛපරම්පරවෙන් රැක ගෙන ආ අද්භුත ශාස්ත්රයන්ගෙන්ද පෝෂිත විය.ඒ බවට කොණ්ඩදෙනියේ රහස් ගුරුකම් මෙන්ම තොටගමුවේ ශ්රී රාහුල හිමියන් වීදාගම හිමියන් මෙන්ම තවත් බොහෝ අප්රකට වෙදදුරන් විසින් කරන ලද ප්රාතිහාර්ය තුලින් මොනවට පැහැදිලිවේ.
ඉපැරැණි පුස්කොල පත්වල ලියා සංරක්ෂණය කල එම වෙදකම ඉංග්රීසින් මෙටට ආක්රමණය කල පසු විනාශවිය.ඔවුන් ඒවටිනා පුස්කොලපොත් ඒරටවලට ගෙනගොස් ඔවුන්ගේ කෞතුකාගාර වල සංරක්ෂණය කර ඇතිබවත් හෙලිවී ඇත..ඉන්පසු බටහිර වෙදකම මෙරටට හුරු කරදී අපේ දේශීය පාරම්පරික හෙල වෙදකම මෙරටින් තුරන් කිරීමට ඉංග්රීසින් ගත් උත්සාහයේ ඵලයක් ලෙස හෙල වෙදකම ක්රමයෙන් අභාවය ට ගියත් තවමත් සමහර වෙදදුරන් ලඟ ඒරහස් බෙහෙත් වට්ටොරු ඇතිබව නොරහසකි.
මේදක්වා රාජ රාජ පරම්පරාවෙන් හෙලවෙදකමට පින්සිදු වන්නට එතෙක් පැරැණි සින්හලයා පණ රැකගත්තා මිස ඒදිනවල බටහිර වෙදදුරන් ඔවුනගේ පිහිටට සිටියාද.?
තවමත් ගම් නියම් ගම් වල කෙරෙන සර්ප වෙදකම හොඳම උදාහරණයකි . දෙහි අත්තට මතුරා සර්ප විශ ඉවත් කිරීම මාඅත්දැකීමෙන් ම දුටු කරුණකි.
තුන් වරුවකින් සර්ප යින් කෑ රෝගීන් සුවකරන හෙල වෙදකමද නිග්රහ යට ලක් කරන කලු සුද්දෝ තවමත් අප අතර ඇත.
මාමෙයින් මොනම අයුරකින්වත් බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරන්නේ හෝ ඊට නිග්රහ කරන්නෙ වත් නැත.
නමුත් ඉංග්රීසි වෙදකම කරපින්නාගෙන ඇතැම් බටහිර වෙදදුරන් හා ඔවුන්ට කත් අදින සමහර NGO සහ බහුජාතික ඹෞෂධ සමාගම් වලින් ගරාකන සමහර අය දේශීය වෙදකම අවමානයට ලක් කිරීම නින්දිතය.
බලවතුන්ට පුලුවන් කාරයින්ට යටනොවී මේදේශීය හෙලවෙදකම ගැනත් බලධාරීන් ගේ අවදානය යොමුවිය යුතුය.
මේ කොරෝනා වෛරසයට තවම අපරටේ රෝහල් වල කිසිම ඉංග්රීසි බෙහෙතක් නොදෙන බව ඒ රෝහල් වල සේවය කරන වෛද්ය කාර්යමණ්ඩල හොඳාකාරවම දනිති.කොත්තමල්ලි හුමාලය වැනිදේට අතිරේකව තවත් හෙලවෙද වලින් බහුතරයක් සුවවෙන බවත් දන්නා කරුනකි.කොත්තමල්ලි දෙනකොට ඒකට WHO,NMRA.සහතික ලබාගත්තේ නැත.
කැගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා කුමන හෝ පාරම්පරික රහස් වට්ටොරුවක් මත සොයාගත් බෙහෙත සාර්ථක නම් මේරෝගීන්ට දී ඔවුන් සුවපත් කරනු විනා ඊට නිග්රහ කිරිම කිසිසේත්ම සුදුසු යයි මම නම් නොසිතම්.
මෙම බෙහෙතට විරුද්ධව ගෙනඑන ප්රබල මතය වන්නේ මෙමගින් අතුරු ආබාධ ඇතිවෙන බවයි..ඇමරිකාව සොයාගෙන ඇති ෆයිසර් එන්නතද යම් යම් අතුරු ආබාධවලින් යුතුබවත් සොයාගෙන ඇතත් එය ද නිදේශකර ඇතිබව පෙනේ.ඒ සඳහා ෆෛසර් සමාගම ඩොලර් බිලියන ගන වැයකර ඇති අතර බොහෝ යුරොපා රටවල් මේසඳහා බිලියන ගනන් මුදල් එම සමාගමට ගෙවා ඇති අතර ඊට සරිලන පරිදි ඔවුන්ගේ කෝටා එකද ඔවුනට ලැබෙන බවද දැනගැනීමට ඇත.
දෙශීය පැනිය සඳහා කිසිවෙක් අයෝජනය කර නැත.රජයවත් ඒ සදහා සතයක් වත් ගෙවා නැත.හැබයි බටහිර එන්නත ගෙනඒමේදී නම් සමහරුනට විශාල කොමිස් ලැබීමට ඉඩඇත.එය නැතිවන විට ඊට විරුද්ධ වීම සාධාරණය .
වෙදමහතා කියන පරිදි උපරිම දින තුනයි මෙය දෙන්නෙ.ඒවාද එදිනෙදා අප භාවිතාව ට ගන්නා මීපැනි සාදික්ක වැනි හෙල ඔසුවර්ගයි. දිනතුනක් ගන්නා එයින් සිරුරට අතුරු ආබධ ඇතිවිය හැකිද…. සිතා බැලිය යුතු ප්රශ්නයකි……
මේඅතර විෂ සහිත කිරිපිටි වර්ග ,සුප් කැට වර්ග රසකාරක අඩංගු පිලිකා කාරක කෑම වර්ග වලට ප්රසිද්ධියක් දෙමින් කරන ජනතා මුලාකිරීම් නවත්වන්න කිසිම කමිටුවක් පත් නොකරන්නේ ඇයි.
සමහරු මුදල් ගරාගැනීමට කරන හෙල වෙදකම් දෙස බලන විට මේ වෙදමහතා නොමිලයේ එය සැපයීමට ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ එවැනි පටු අභිමතාර්ථයන් නැති බවත් පෙනේ.
මේ නිසා දේශපාලන පාට පක්ශ බේද වලින් තොරව මෙම ඔසුව පරීක්ශා කර බලා ජනගත කලහොත් මේකොරෝනා වසංගතය ට එය කඩිනම් තිරසාර පිලියමක්වනු ඇත.
සටහන.-ස්වර්ණ ගමගේ-


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More