දේශීය පුවත්

එම්සීසී ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලයන 480 ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන බව කිව්වත් එම ගිවිසුම හරහා මුදල්මය වශයෙන් රටට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැති බවත් එනිසා එම ගිවිසුම අත්සන් නොකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් නොවන බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 480 කියා කියන්නේ ඒ අය මේ ගිවිසුම හරහා කරන්න යන කටයුතුවල වටිනාකමක් බව ද ඇමැතිවරයා කියා සිටියේය. තවදුරටත් කරුණු පැහැදිලි කළ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ ද කීවේය. එම්සීසී ගිවිසුම පසුගිය රජය විසින් අත්සන් කිරීමට කිට්ටු අවස්ථාවකට ගෙනත් තිබුණා. නව රජය හැටියට අපි දීල තිබුණු එක පොරොන්දුවක් තමයි අපි මේ ගිවිසුම ඉතාමත්ම හොඳින් පසු විපරම් කරලා එකේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා හදල විතරක් පමණයි එවැනි ගිවිසුමකට එන්නේ කියලා. අපේ රටේ ආරක්ෂාවට අපේ රටේ අනෙකුත් නීතිවලට පටහැනිව කිසිම විදිහක ගිවිසුමකට එලබෙන්නේ නැහැ කියන එක.

ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණාට පසුව ඒ යෝජිත ගිවිසුම පසු විපරම් කරලා බලද්දී අපට තේරුම් ගන්න පුළුවන් වූ දේ තමයි යම් යම් අපැහැදිලිතාවන්, යම් දුර්වලතාවන්, මෙහි ඇති බව. අපිට පිළිගන්න බැරි කරුණු ඒ ගිවිසුමේ තියෙනවා. ඒ අනුව අපි සාමානයෙන් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආකාරයට ඒවා දැනුම් දීල තියෙනවා අමෙරිකානු රජයට.

ගනුදෙනු කරද්දී අපි බොහොම කල්පනාවෙන් යම් කිසි ආකාරයට ඒ අය අමනාප නොවන විදියට කටයුතු කළ යුතු බව හැමෝම පිළිගන්නවා. ඒ අනුව අපි ඒ අයට කිව්වා අපට මෙන්න මේ තත්ත්වය නිසා මේක පිළිගන්න බැහැ කියන එක. ඒ නිසා ඒ අයට අපි දැනුම් දුන්නා මේවා වෙනස් කෙරුවොතින් පමණයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ඒ අයට ඒ යෝජනාව ප‍්‍රතියෝජනාවක් හැටියට කරලා තිබුණා. ඊට පසුව ඒ අය අපට දැනුම් දී තිබුණු ආකාරයට එවැනි වෙනසක් කරන්න බැහැ කියන තැන තමයි ඒගොල්ලෝ හිටියේ. එම් සී සී ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ අයගේ පැත්තෙනුත් පසු විපරම් කර තියෙනවා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ දැනුම් දීලා තියෙනවා මේ ගනුදෙනුව ඉදිරියට ගෙනියන්න බැහැ කියලා. ඒ නිසා බොහොම සුහද ආකාරයකට මේ ගනුදෙනුව ඉදිරියට නොයන බවට අපට දැන් පැහැදිලි බවක් ඇවිත් තියෙනවා. රටට අහිතකර නොවෙන පරිදි මෙය නිමාවට පත් වෙලා තියෙනවා. මේකෙන් මුදල් ප‍්‍රමාණයක් තියෙනවා යැයි පැවසූවත් මුදල් වශයෙන් කිසිම ප‍්‍රමාණයක් අපේ රටට ගලාගෙන එන්නේ නැහැ. ඒ ආකාරයට මුදල් වශයෙන් කිසිම අංශයක් මේ ගිවිසුමේ නැහැ. මේකේ තියෙන්නේ ඒ අය කරන්න යන කටයුතුවල වටිනාකමක් විතරයි. එය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 480 කියලා කියන්නේ. ඒ අය විවිධ උපදේශකයන්ට ගෙවන ගණන් සහ වෙනත් වියදම් තමයි මේ වටිනාකම ලෙස ගණන් හදලා තියෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More