දේශීය පුවත්

පළාත් සභා ක‍්‍රමය ඕනෑම නම් යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු, ඊට අදාළ ප‍්‍රතිපාදන යටතේ පළාත් සභා ඡුන්දය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමරපුර ශී‍්‍ර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක සහ බුද්ධශාසන කාර්යසාධක බලමණ්ඩලයේ ලේකම් රාජකීය පණ්ඩිත ශ‍්‍රාස්ත‍්‍රපති පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද මහානාහිමියෝ පැවසූහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය, ගිහි පිරිස සහ සමස්ත මහා සංඝරත්නය වෙනුවෙන්ම මෙම ඉල්ලීම කරන බව ද එම මහනාහිමියෝ පැවසූහ.

ශී‍්‍ර ලංකාව සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් කරන විකල්ප යෝජනාවලිය එළිදැක්වීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවේදී මහනායක හිමියෝ එසේ පැවසූහ.

ශී‍්‍ර ලංකාවේ ජීවත් වන සියලූ ජනයාගේ සහජාත අපේක්ෂාවන් සපුරාලන ජනතාවගේ පරමාධිපත්‍ය සුරකෙන, රටේ ජාතික ආරක්ෂාව, රටේ භෞමික අඛණ්ඩතාව තහවුරු කරන ජාතික උරුමය හා පරිසරය ආරක්ෂා කරන, විදේශීය අතපෙවීම් වළකන දූෂණය පිටුදකින මෙම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විකල්ප යෝජනාවලිය මැදහත් විද්වත් මණ්ඩලයක් විසින් කෙටුම්පත් කර ඇති බව ද සඳහන් විණි.

එම මාධය හමුව ඇමතූ මහානාහිමියෝ මෙසේ ද පැවසූහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය එක්වී ඉතා වැදගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ යෝජනාවලියක් ජනගත කිරීමේ අවස්ථාවක් මේක. ඇත්ත වශයෙන්ම දැනට රජය විසින් අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා සම්පාදක මණ්ඩලයක් ඇති කර තිබෙනවා. සකස් කර ගත් මේ යෝජනාවලිය ජනාධිපති, අගමැති, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට, මේ රටේ නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන්ට ලබාදීමට අප මණ්ඩලය තීරණය කළා.

දැන් මේ කාලයේ අලූතින් පළාත් සභා ඡුන්දය පැවැත්වීමට හඬක් ඇති වෙලා තිබෙනවා. අගමැතිතුමා අදහස් ඉදිරිපත් කළා. මේ සඳහා අවශ්‍ය කාරණා සම්පාදනය කරන ලෙස. ඒ අතරට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ නව ව්‍යවස්ථාව හැදෙන්න කලින් ලහි ලහියේ පළාත් සභා ඡුන්ද පැවැත්වීමේ අදහස මොකක්ද? ඒක අපට තේරුම්ගන්න බැරි දෙයක්.

ලහි ලහියේ මේ පළාත් සභා ඡුන්දයකට ගියොත් විශාල ධනස් කන්දයක් වැය වනවා. විශේෂයෙන්ම රටේ ව්‍යසනයක් ඇති මොහොතක ඒක ලොකු වියදමක්. රට ණය බරින් මුදාගන්න රජය උත්සාහ කරනවා. ඒ වගේම ණය බරින් මිරිකී මිරිකී වුව ද ලොකු සංවර්ධනයකට රජය උරදී තිබෙනවා. මේ ඔක්කොම බර යන්නේ මහජනතාවටයි. ඇත්ත වශයෙන්ම අපි කාරුණිකව කියනවා මේ පළාත් සභා ක‍්‍රමය එපා කියන එකයි භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන්ගේ මතය කියලා. පළාත් සභා ඕනෑම කියන ටික දෙනකු ඉන්නවා නම් ඊට අදාළ වන ක‍්‍රමවේදයක් මේ විකල්ප යෝජනාවලිය තුළ තිබෙනවා. ඇත්ත වශයෙන්ම නගර සභා, මහනගර සභා, ප‍්‍රාදේශීය සභා සංයුතිය තුළ බලය විමධ්‍යගත කිරීමේ ක‍්‍රමවේදය හොඳට පැහැදිලි කර තිබෙනවා. විශේෂයෙන්ම කලින් සඳහන් කළ ආකාරයට ග‍්‍රාම රාජ්‍ය,

ගම්සභා ක‍්‍රමයට මූලිකත්වයදී ගම මුල් කර ගත් සාමාන්‍ය ජනතාව බිම් මට්ටමේ සිට පාලන ව්‍යුහයට දායක කරගන්න ක‍්‍රමයක් ඕනෑ. ප‍්‍රාදේශීය සංවර්ධනය ඉදිරියට ගෙන එන්න මේ ගම් සභා ක‍්‍රමය යෝජනා කර තිබෙනවා.

ඒක අතීත ඓතිහාසික උරුමයක්. ඒ නිසා මේ යෝජනාවලිය ඇතුළේ කිසිමාකාරයක ජාතිවාදයක්, ආගම්වාදී ස්වරූපයක් නෑ. මෙහි මූලික අදහස තමයි මේ ඓතිහාසික වූ උරුමය හොඳින් ආරක්ෂා කරගෙන, අපේ සියලූ ජනවර්ගවල ජනජීවිතය අත් කිරීම. ව්‍යවස්ථාවක් හදන්නේ ජනතාව මූලික කරගෙන පළාත් සභා ක‍්‍රමය ඕනෑ කියලා.

කොළඹ නව කෝරළයේ අධිකරණ සංඝනායක ආචාර්ය දිවියාගහ යසස්සි හිමි, බෞද්ධ මහා සම්මේලන සභාපති ජගත් සුමතිපාල යන මහත්වරු ද මෙහිදී මාධය ඇමතූහ. ජනාධිපති නීතිඥ ප‍්‍රසන්න ලාල් ද අල්ලස් මහතා ද එක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More