දේශීය පුවත්

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින්; රක්ෂිත නොවන වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (17) දින සලකා බැලුන අතර එය ජනවාරි මස 13 වනදා කැඳවන යලි ලෙස අභියාචනාධිකරණය නියම කළා

මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහනය ප්‍රදානය කිරීම පිළිබඳව සලකා බැලීමේදී වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය ද විමසීම අවශ්‍ය බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වාදුන් අභියාචනාධිකරණය; මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නැවත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක්කර තිබෙන චක්‍රලේඛ හේතුවෙන් සමස්ත වනාන්තර පද්ධතියෙන් සියයට 25 ක් පමණ හෙළි පෙහෙළි කිරීමේ අවදානමක් මතු වී ඇති බැවින් මෙම පෙත්සම කඩිනමින් සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කර තිබෙනවා.

වගඋත්තර කරුවන් විසින් නිකුත් කළ “2020 /1/එම්.ඩබ්ලිව්.එෆ්.සී ” දරණ චක්‍රලේඛය මඟින් නොවැම්බර් 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංරක්ෂිත නොවන වනාන්තර ගැන තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබෙන බවත් ඒ අනුව මෙම වනාන්තර වලට වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධාන මඟින් ලැබී තිබූ ආරක්ෂාව මෙම චක්‍රලේඛය මඟින් ඉවත් වී තිබෙන බවත් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර සිටිය අතර මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මක කළහොත් එම වනාන්තර බරපතල හානිදායක තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව පෙත්සම්කාර සංවිධානය අනතුරු අඟවා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More