දේශීය පුවත්

කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් ‘ද සොයිසා රෝහලේදී’ සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වේ.

29 හැවිරිදි මවක් විසින් මෙම සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පැවසුවාය.

කොවිඩ් -19 ආසාදිත මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

කොළඹ 10, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය සඳහන් කළේය.

සිසෙරීයන් සැත්කමකින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති අතර දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More