දේශීය පුවත්

චීනය විසින් සඳ වෙත යවනු ලැබූ චැංජි – 5 යානය සාර්ථක ලෙස අද (17) අලුයම පෘථිවියට ළඟා වූ බව චීන මාධ්‍ය පවසයි.

එය මොන්ගෝලියාවේ හිමෙන් වැසුණු තෘණ භූමියකට ගොඩබස්වා තිබේ.

යානය පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හයිනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබීය.

මෙහෙයුමේ මූලික අරමුණ වූයේ සඳේ මෙතෙක් ගවේෂණය කරනු නොලැබූ ගිනි කඳු සහිත කළාපයකින් පස් රැගෙන ඒමයි.

1970 දශකයෙන් පසු කිසියම් රටක් විසින් චන්ද්‍ර පාෂාණ ගෙනඑනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. මින්පෙර ඇමරිකාවේ ඇපලෝ  සහ රුසියාවේ ලූනා මෙහෙයුම් වලින් චන්ද්‍ර පාෂාණ ගෙන එනු ලැබීය. මෙම  මෙහෙයුමත් සමග පෘථිවියට චන්ද්‍ර පාෂාණ රැගෙනආ තෙවන රට බවට චීනය පත්වී තිබේ.

සඳෙන් පස් සාම්පල එකතු කිරීම සඳහා යානයට දින දෙකක් පමණ ගතවී ඇති අතර එය පස් කිලෝග්‍රෑම් 2-4ත් අතර ප්‍රමාණයක් බව චීන විද්‍යාඥයෝ පවසති. කැප්සූලය මගින් රැගෙනආ මෙම සාම්පල විශේෂ රසායනාගාරයකදී පරීක්ෂා කරනු ලැබේ.

චැන්ජි – 5 මෙහෙයුම සාර්ථකව නිම කිරීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතයට ආයෝජනයක් බව චීන රජය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More