දේශීය පුවත්

අද (17) දින පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්; අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙසයි.

උන්වහන්සේ පවසා සිටින්නේ කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවත්; “මේ ළඟ එන නත්තල සම්බන්ධයෙනුත් අපි අනෙක් ජනතාව වගේ කැපවීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතර හැරිලා තියෙන නිසා සෙසු පළාත්වලට ද පැතිරයෑමේ තර්ජනය පැහැදිළිවම පෙනෙන්නට තියෙනවා. ඒ නිසා වෙනදා මෙන් නත්තල සැමරීමට විවිධ දේ කිරීමට අපිට ඉඩකඩ නෑ. මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට විතරයි මුල්තැන දෙන්නේ. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා කොළඹට ඇතුළුවෙන එක, කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමාකරන්න. නෑදෑයන් බලන්න යන එක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සාහ කරන්න. විනෝද ගමන්, පිරිස් එකතු වී සාද පැවැත්වීම කරන්න එපා. පවුලක් ලෙස ගෙදර අයත් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න,” යනුවෙන් ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More