දේශීය පුවත්

උපරිමාධිකරණය සංකීර්ණයේ  බිම්මහලේ  ගබඩාවක (15) පස්වරුවේ  හටගත් ගින්න සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  උපරිමාධිකරණයේ ප්‍රධාන විධායක නිලධාරි(මාෂල්) වරයා ඇතුලු පුද්ගලයන් 31 ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ප්‍රකාශ ලබාගත්  පිරිස අතර එහි ආරක්ෂක නිලධාරීන් ඇතුළු සේවකයින් සිටින බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අතිරේක රස පරීක්ෂක එල් ඩබ්ලිව් ජයමාන්න, ජ්‍යෙෂඨ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව ඒ ආර් ප්‍රනාන්දු  මහත්වරුන් ඊයේ එම  ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළබවද විදුලි ඉංජිනේරු වරයෙක්  ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළ බවත්  මෙම සියලු වාර්තා ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

මෙම ගින්නෙන් එහි ලේඛනාගාරයට හෝ කිසිදු නඩු ගොනුවකට හෝ  එහි දේපළකට හානියක් සිදුව නොමැති බව ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

උපරිමාධිකරණයේ වායු සමීකරණ  පද්ධතිය සඳහා භාවිතා කර ඉන් ඉවත්කර තිබු   උපකරණ  තිබු බවත්  මෙම ගබඩාවේ  මෙම ගින්න හටගෙන තිබූ බව ද  අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More