දේශීය පුවත්

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන හෝ, සහ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට කැමැති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ට මට්ටම් තුනක් යටතේ ප්‍රතිකාර කරන අතර එහිදි අදියර පහක් යටතේ රෝගීන් වර්ගීකරණය කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන වෙනත් රෝගී තත්ත්ව නොමැති වයස අවුරුදු 18ත් 65ත් අතර රෝගීන් එහි මුල් අදියරට අයත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2020 ජනවාරි 26 වැනිදා දාතම යටතේ නිකුත් කළ චක්‍රලේඛය යාවත්කාලීන කරමින් පෙබරවාරි මස 6 වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශවල ඉහත කී රෝගීන් වර්ගීකරණය දැක්වේ.

‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැයි පෞද්ගලික රෝහල්වලට ඉල්ලීම් ඉදිරිපත් වූ බවත් මේ සම්බන්ධයෙන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් පෞද්ගලික රෝහල් සහ සාත්තු සේවා සංගමයේ ලේකම් වෛද්‍ය සුනිල් රත්නායක මහතා පැවැසීය.

අතරමැදි එනම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝගී තත්ත්ව පෙන්නුම් කරන ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල වෙනම අංශයක් ස්ථාපිත කිරීමට අවසර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම තවදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More