දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා 15 වැනිදා බත්තරමුල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිට්යේ,ආණ්ඩුව තම බල ව්‍යාපෘති මත වෛද්‍ය සභාවලට කරන බලපෑම් නිසා සෞඛ්‍ය සේවය විනාශ මුඛයට යන බවයි.
එහිදී ජයගොඩ මහතා තවදුරටත් “ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරන්නේ වියරුවෙන් වගේ. දැන් පවතින නීති රීති පවා උල්ලංඝනය කරමින් සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිළ ව්‍යුහවලට දේශපාලන මැදිහත්වීම් කරමින් සිටිනවා. උදාහරණයක් විදියට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු පස්දෙනෙක් නීතිවලට පටහැනි ලෙස ඉවත් කර තිබෙනවා. වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍ය පුෂ්පික උභයසිරි, වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය, වෛද්‍ය උපුල් ගුණසේකර වෛද්‍ය සභාවෙන් ඉවත් කරලා. 1926 වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ සාමාජිකයන් 26 දෙනාගෙන් 5 දෙනෙක් ඇමැතිවරයාට පත් කරන්න පුළුවන්. නමුත් නිල කාලය අවසන් වීමට පෙර ඔවුන් ඉවත් කරන්න ඇමැතිවරයාට බලයක් නෑ. මේ සාමාජිකයන් 2023 දක්වා වෛද්‍ය සභාවේ ඉන්න පුළුවන් අය. වෛද්‍ය සභාවේ සහකාර ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තුත් ඉවත් කරලා.” යැයි පැවසුවේය.

පුබුදු ජයගොඩ මහතා ආයුර්වේද වෛද්‍යය සභාව පිළිබඳව අදහස් දල්වමින්, “ආණ්ඩුව මේ ලෙසටම ආයුර්වේද වෛද්‍ය සභාවටත් කළා. ඒකේ සාමාජිකයන් දස දෙනකුට ඉල්ලා අස් වෙන්න කියලා බල කළා. ඔවුන් අස් වුණා. දැන් ආයුර්වේද වෛද්‍ය සභාවත් රූකඩයක් කර ගන්න හදනවා. ආයුර්වේද වෛද්‍ය සභාව ආයුර්වේදය පමණක් නෙවෙයි, සිංහල පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයටත්, සිද්ධ ආයුර්වේද හා යුනානි ආයුර්වේද ක‍්‍රමයටත් මැදිහත් වෙනවා. එහෙම තිබියදී පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය සඳහා වෙනම වෛද්‍ය සභාවක් හදනවා කියලා රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසා තිබෙනවා. ඒ අලූත් වෛද්‍ය සභා හදන්නේ හොර වෙද්දු ලියාපදිංචි කරන්න. නැති නම් එකක් තිබියදී අලූත් එකක් මොකටද? ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට බලපෑම් කරන්නේ වෛද්‍ය අධ්‍යාපනය මුදලාලිකරණය කරන්න පිටුබලය ගන්න. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කරන්න පාලකයන්ට ලොකුම බාධාව වුණේ වෛද්‍ය සභාව එය පිලි නොගැනීම. දැන් ඇබර්ඞීන් වගේ හොර වෙද කඩ දාන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක පහසු වෙන්න නම් මේ ව්‍යුහයන් ආණ්ඩුවට ඕන විදියට නටවන්න පුළුවන් වෙන්න ඕන. නීතියේ දී තිබෙන බලයත් ඉක්මවා මේ වගේ දේශපාලන බලපෑම් කරන්නේ ඒකයි.” උඅනුවෙන් පවසා සිටියේය.
එහිදි ඔහු අවධාරණය කර සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස මේ අත්තනෝමතික ක‍්‍රියාවලට එරෙහි ජන බලයක් පෙළ ගස්වන්න මැදිහත් වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More