දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (16 ) දින පැවැති කොවිඩ් මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී එතුමිය අනාවරණය කරණු ලැබුවේ,
දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්ය.

ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

සමාලෝචන කමිටුවේදී අනාවරණය වූයේ මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව ඵ්Cර්‍ පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවයි.
මෙම අවස්ථාවට රාජ්‍ය ලේකම්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ සහ කේ.ආර්.උඩුවාවල, අතිරේක ලේකම්වරුන්වන වෛද්‍ය සුනිල් අල්විස්,‍ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More