දේශීය පුවත්

පසුගිය රජය සමයේ වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිසිය විසින් ඊයේ(15 ) අත්අඩංගුවට ගන්නා ලද අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට(16 ) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මගින් නියෝග කර ඇත.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට තරග වැද පරාජය වුනු අබ්දුල්ලා මහරුෆ් සතොසට අයත් වාහන අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ කටයුතු සඳහා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට,සතොස සිවිල් ඉංජිනේරුවකු වන මොහොමඞ් ෂාරුක් මොහොමඞ් අස්ලම් යන අය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(15 ) අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලදී.

හිටපු වරාය රාජ්‍ය අමාත්‍යය අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිස් අත්අඩංගුවට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More