දේශීය පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරසය මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ලෙස තවදුරටත් පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණ ඇති බවයි.එසේම මෙම උත්සව සමයේ වෛරස ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක පවතින නිසා ජනතාව වගකීමකින් කටයුතු නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු පවසා සිටී.

එම සංගමයට අනුව කොළඹ නාගරික ප්‍රදේශය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ.

උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල තත්ත්වයක පවතින හෙයින් කොරෝනා පාලනය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය යහපත් තීරණ ගෙන ඇතත් නිරෝධායන කටයුතු ද ව්‍යාකූල වී ඇති බවත්ය.

රට වසාදැමීමට අවශ්‍ය නොවුනද කොරෝනා අධි අවදානම් ප්‍රදේශවල සිට අනෙක් ප්‍රදේශවලට පුද්ගලයන් සංචරණය සීමා කිරීම වහා සිදු කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරනය කර කියා සිටියේ මූලාශ්‍රයන් සොයාගත නොහැකි තරමේ ආසාදිතයන් රට පුරා වාර්තා වෙමින් ඇතැයි ද ඉන් පෙනී යන්නේ වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More