දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ‘පලාත් සභා අත්‍යාවශ්‍යය කියන ඇම්ම හැදිල තියෙන ඇත්තන්ගෙන් අපිට අහන්න තියෙන්නේ දැන් අවුරුදු ගානක් මුලු රටේම පලාත් සභා නැතිව ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුල රටට වෙච්ච අලාභය මොකක්ද? රටේ යන සංවර්ධනය නැවතුනාද? පලාත් සභාව නැහැ කියල අංග විකල භාවයට පත් වුනාද? රට අංශ භාග තත්වයට මේ රට පත් වුනාද? මේ නගර සභා ප්‍රාදේශීය සභා මේ ප්‍රාදේශීය වශයෙන් ක්රීයා කරන මන්ත්‍රීවරුන් අදල දේශපාලන අධිකාරිය යටතේ නිළධාරීන් යටතේ, මේ වැඩ කෙරෙනවා හරි අපුරුවට.ඒකෙන්ම පෙනෙනවා පලාත් සභා කියන්නේ අනවශ්‍ය බරක්. ජාතියටම බරක් වුනු සුදු අලියෙක්. පලාත් සභා කියන්නේ සුදු අලියෙක් මිස වෙන කිසිවක් නෙවෙයි’ යනුවෙන් පවසා සිටියෝය.
එහිදී ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පලාත් සභා නැතිකම නිසා අඩුම තරමේ රටට රුපියල් කෝටි 2000 ක පමණ වාසියක් ලැබී තිබෙන බවයි.
තවද උන්වන්වහන්සේ ,”එල් ටී ටී ඊ බෙදුම්වාදීන් හා සම්බන්ධ වුනු සැලැස්මක් යටතේ තමයි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පලාත් සභා යන පිලිලය මේ රටට දයාද කරන්නේ. පලාත් සභා කියන්නේ උන්ඩුක පුච්චයක්. ඒක ශරීරයට අනවශ්‍ය කොටසක්. පලාත් සභා අනවශ්‍ය පිලිකාවක්. මේ රටේ අනාගතය බෙදුම්වාදයට අතවනන වැඩ සලස්වන එකක් තමයි පලාත් සභාව.” යනුවෙන් පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...