දේශීය පුවත්

ඊයේ (15) කඩාවැටීමට ලක්වූ  PT6 වර්ගයේසැතපුම් ගුවන් යානය පස්වරු 1.00 පමණ පුහුණු ගුවන් සැසියක් සඳහා පිටත්ව ඇත්තේ, ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.

යානය ගුවන් ගත වී මිනිත්තු 10 කට පසුව එය රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ,  ගුවන් යානය සහ පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට තිබූ බවය.

අනතුරුව ගුවන් යානය චීන වරාය විද්‍යාපීඨයේ සිට නාවික 14 ක් දුරින් කන්තලේ, සූරියපුර ජනරංජන වැව ඉස්මත්තේ පිහිටි ඇළකට කඩා වැටී තිබුණි.

අනතුර සිදුවු ස්ථානයට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම්ද යොමු කර තිබුණි.

මෙලෙස අනතුරින් ජිවිතක්ෂයට පත්වුණේ 2019 ජනවාරි මාසයේ ගුවන් හමුදාවට පුහුණු ගුවන් නියමුවෙකු ලෙස බැඳුණු 23 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කේ.ආර්.එස් අමරකෝන් නැමැති ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මේ වසරේ අනතුරට ලක්වු දෙවැනි අවස්ථාව මෙය වේ.

මේ වසරේ ජනවාරි මස 3 වැනිදා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයට කඩාවැටුණේ, ගුවන් නියමුවන් දෙදෙනකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනකු මරුමුවට පත්කරමිනි.

මේ අතර ගුවන් යානය කඩාවැටුණු ස්ථානයට පැමිණි ගුවන් හමුදාවේ ගිනි නිවීම් අංශයේ රථයක් ද එම ස්ථානයේදී අනතුරට ලක්වී තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More