ව්‍යාපාරික පුවත්

මේ රජය තුළ තිබෙන, ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉතාමත් අහිතකර ප්‍රධාන ලක්‍ෂණයක්‌ වූයේ නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ නොතිබීමයි. එසේම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පවා විටින් විට වෙනස්‌ කරනු දැකගත හැකි විය. ප්‍රතිපත්තිවල අඛණ්‌ඩත්වයක්‌ ද දක්‌නට නොලැබිණි. මෙය ආයෝජකයින්ට තම ආයෝජන තීරණ ගැනීමට බාධාකාරී තත්ත්වයකි. මේ නිසා දේශීය ආයෝජකයන් පමණක්‌ නොව විදෙස්‌ ආයෝජකයින් ද මෙරට ආයෝජන සිදුකිරීමට මැළි වෙති. ඔවුහු එවැනි අස්‌ථාවර දේශපාලන වාතාවරණයක්‌ දිගින් දිගටම පවතින විට සිදුකරනුයේ නැවතී බලා සිටින ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමයි.

රටක්‌ හමුවේ සෑම කලෙකම ආර්ථික අභියෝග තිබේ. එහෙත් අපේ රටේ පසුගිය කාලයේ මුහුණ දෙමින් සිටින රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර අභියෝග ගණනාවක්‌ තිබේ. ඒවා ආණ්‌ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වය සමඟ ද බැඳී ඇත. මේ තත්ත්වය වඩාත් තිව්‍රරම වූයේ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයත් සමඟය. එම විශ්වාස භංග යෝජනාවෙන් අගමැතිවරයා ජයගනු ලැබූවත් ආණ්‌ඩුව තුළ බරපතළ දේශපාලන අර්බුදයක්‌ ඇති කරමින් එය බලවත් ලෙස දුර්වල කිරීමට එම විශ්වාසභංගය සමත් වී තිබේ. මේ පසුබිම තුළ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණනින් විශ්වාසභංගය ජය ගත්තත් ආණ්‌ඩුව කරගෙන යැමේ බරපතළ අභියෝගයකට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ මොහොතේ මුහුණ දී සිටින බවට කිසිම සැකයක්‌ නැත. මේ අර්බුදය තාවකාලිකව සමනය කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව පවා කල් තැබීමට කටයුතු කර තිබේ. ඒ තුළින් ආණ්‌ඩුව තුළ මතුව ඇති දේශපාලන අර්බුදය යම් ආකාරයකට කළමනාකරණය කර ගැනීමට ඔවුන් උත්සාහ කරනවා විය හැකිය. එහෙත් අලුත් මහ මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක්‌, අමාත්‍ය මණ්‌ඩලයක්‌ සහ අගමැතිවරයෙක්‌ පත්කර ගන්නා තෙක්‌ම මේ දේශපාලන අස්‌ථාවරත්වයට මුහුණ දීමටත්, ඒ හරහා ආර්ථික ක්‍රියාකාරීත්වයට බලවත් අහිතකර බලපෑම් සිදුවීමත් වැළැක්‌විය නොහැකි වනු ඇත.

fea8 1මේ රජය තුළ තිබෙන ආර්ථික ක්‍රියාකාරීත්වයට ඉතාමත් අහිතකර ප්‍රධාන ලක්‍ෂණයක්‌ වූයේ නිශ්චිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ නොතිබීමයි. එසේම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති පවා විටින් විට වෙනස්‌ කරනු දැකගත හැකි විය. ප්‍රතිපත්තිවල අඛණ්‌ඩත්වයක්‌ ද දක්‌නට නොලැබිණි. මෙය ආයෝජකයින්ට තම ආයෝජන තීරණ ගැනීමට බාධාකාරී තත්ත්වයකි. මේ නිසා දේශීය ආයෝජකයන් පමණක්‌ නොව විදෙස්‌ ආයෝජකයින් ද මෙරට ආයෝජන සිදුකිරීමට මැළි වෙති. ඔවුහු එවැනි අස්‌ථාවර දේශපාලන වාතාවරණයක්‌ දිගින් දිගටම පවතින විට සිදුකරනුයේ නැවතී බලා සිටින ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමයි. මේ රජය ශ්‍රී ල.නි.ප. සහ එජාපය ඒකාබද්ධව පිහිටුවා ඇති ආණ්‌ඩුවක්‌ නිසා මේ පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිමය විසංවාදයන් නිශ්චිත තීන්දු තීරණ ගෙන ආණ්‌ඩුව තුළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක්‌ ඉදිරියට ගෙන යැමට බාධාකාරී වන බව රහසක්‌ නොවේ. මේ තත්ත්වය පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට, ආයෝජන ප්‍රවර්ධනයට මෙන්ම සංචාරක පැමිණීම් වර්ධනය කර ගැනීමට ද ඉතා අහිතකර ලෙස බලපා තිබේ.

මෙවැනි තත්ත්වයක්‌ තුළ විශ්වාස භංගයට සහාය දුන් ශ්‍රී ල.නි.ප. ඇමැතිවරු ආණ්‌ඩුවෙන් ඉවත් වූ පසු පැවැති යහපාලන රජය තවදුරටත් දුර්වල වන බව රහසක්‌ නොවේ. දැන් උදාවී තිබෙන්නේ වත්මන් යහපාලන රජයේ බහින කලාවයි. මේ යහපාලන රජය කෑලි හැලී ලදරං තත්ත්වයෙන් හෝ යන්තම් අටවාගෙන ඉදිරියට ගෙන යැමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උත්සාහ ගනිමින් සිටින බවක්‌ පෙනේ. එහෙත් ජනතා අපේක්‍ෂාව එය නොවේ. පළාත් පාලන මැතිවරණයකින් රටක ආණ්‌ඩුව වෙනස්‌ නොවූවත් එම මැතිවරණයෙන් ප්‍රකාශයට පත් වූ ජනමතය කිසිවිටෙකත් බැහැර කළ නොහැකිය. ඒ අනුව මේ ආණ්‌ඩුව බරපතළ පරාජයකට පත්ව ඇති අතර රටේ බහුතර ජනතා අපේක්‍ෂාව වී ඇත්තේ මේ රජය වෙනස්‌ විය යුතු බවයි. අපගේ අදහස වන්නේ මහ මැතිවරණයකට ගොස්‌ අලුත් පාර්ලිමේන්තුවක්‌ පත් කරගෙන ජනතා අපේක්‍ෂාවන්ට ඉඩදීම මෙම මොහොතේ කිරීමට තිබෙන වඩාත්ම සුදුසුම දෙය බවයි. ඒ අනුව මේ රජය කළ යුත්තේ කුමක්‌ද? එනම් එළැඹෙන මහ මැතිවරණය තෙක්‌ තාවකාලික භාරකාර ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීමයි. එවැනි ආකාරයකින් කටයුතු කරමින් රටටත්, ජනතාවටත් තීරණාත්මක ලෙස බලපාන ප්‍රධාන වෙනස්‌කම් නොකර සිටීම මේ ආණ්‌ඩුවේ ඇඟට ගුණය. එසේම යම් පමණකට හෝ රට තුළ දේශපාලන ස්‌ථාවරත්වයක්‌ ඇති කරගත හැකි වනු ඇත්තේද එසේ කටයුත කිරීමෙනි.

fea8 2මහනුවර පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් රජය විසින් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සමත් වූයේ නැත. මුහුණු පොත (Face Book) ඇතුළු සමාජජාල මාධ්‍ය පවා අවහිර කරමින් එය අනාගත් නිසා ඒ අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයට ගියේ යහපත් පණිවුඩයක්‌ නොවේ. ඒ තුළ මෙරටට පැමිණීමට සිටි සංචාරකයන්ද තම ගමන් අවලංගු කළ බව එම රටවල ආරංචිමාර්ගවලින් දැන ගැනීමට තිබේ. මේ බව ඊයේ (25 දා) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැති හමුවකදී ද තහවුරු විය. මෙය සංවිධානය කර තිබුණේ ඉන්ද්‍රdනන්ද අබේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්‌කෘතික සහයෝගිතා සංගමය විසිනි. මෙහිදී කතා කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී ලූ වොන්ග් (Luo Chong) මහතා කීවේ ඒ අවස්‌ථාවේ චීනයෙන් මෙරටට පැමිණීමට සිටි බොහෝ සංචාරකයන් තම තානාපති කාර්යාලය අමතා විමසීම් කළ බවයි. ජාතික මහජන කොංග්‍රසය (NPC) හා චීන මහජන දේශපාලන උපදේශන සාකච්ඡා සම්මේලනය (CPPCC) යන සැසිවාර දෙක පිළිබඳව පැවැති එම සාකච්ඡා සභාවේදී චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා චීනයේ පසුගිය සංවර්ධන ගමන්මග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළේය. මෙහිදී කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සුරංග සිල්වා මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් චීන සංචාරක ආගමනයන් පිළිබඳව අදහස්‌ දක්‌වමින් චොන්ග් මහතා කීවේ මෙවැනි පොඩි සිදුවීම් පවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා ඒ අවස්‌ථාවේ මෙරටට පැමිණීමට නියමිතව සිටි චීන සංචාරකයන් මේ පිළිබඳව විමසුම් කළ බවයි. ඇත්ත වශයෙන්ම චීන සංචාරකයන් පමණක්‌ නොව වෙනත් රටවල සංචාරකයන්ද තම ශ්‍රී ලංකා වාරිකාවන් ඒ අවස්‌ථාවේ අවලංගු කරන්නට ඇත. මේ නිසා දේශපාලන අස්‌ථාවරත්වයට අමතරව රටේ මතුවන වෙනත් ප්‍රශ්න සහ ගැටලු සමනය කර ගැනීම අතින්ද වත්මන් රජය ප්‍රදර්ශනය කරනුයේ ඉතා දුර්වල තත්ත්වයකි. තිස්‌ අවුරුදු යුද්ධය පැවැති සමයේ මේ යහපාලන රජයට, මේ රට භාර දුන්නා නම් කුමකින් කුමක්‌ සිදුවනු ඇතිදැයි සිතා ගැනීමටත් අපහසුය. වාසනාවකට පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය තිස්‌ අවුරුදු යුද්ධයෙන් රට මුදාගත්තේය. එහිදී ඝෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම ද කෘතවේදීව සිහිපත් කළ යුතුමය. එම බරපතළ අභියෝගයෙන් රට මුදාගෙන තිබුණත් රටේ ඉදිරි ගමන යහපත් කර ගැනීමට මේ රජය අසමත් වීමත්, යහපාලනය නාමයෙන් බලයට පැමිණ ලංකා ඉතිහාසයේ විශාලතම මහජන මුදල් කොල්ලය වන “බැඳුම්කර මගඩිය” වැනි දේ ද මේ රජය සමයේදීම සිදුවීමත් ඉතා කනගාටුදායකය.

මේ අතර ඊයේ (25 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 159 ඉක්‌මවා යමින් රු. 159.04 ක්‌ දක්‌වා ඉහළ ගියේය. මෙලෙස දිගින් දිගටම රුපියලේ බාහිර අගය මස්‌ත බාල්දු වෙමින් තිබෙන නිසා සියලු ආනයනික භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යන බව රහසක්‌ නොවේ. මින් ප්‍රධානතම ආනයනික ද්‍රව්‍ය වන්නේ ඛනිජ තෙල්ය. දැන් රජය ඉන්ධන මිල සූත්‍රයක්‌ ද හඳුන්වා දෙන්නට සූදානම් වෙයි. මෙය රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ලබා දී ඇති එකඟතාවකි. ඒ ගැන ඉකුත් අප්‍රේල් 20 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට පැමිණි දූත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති මහත්මිය විසින් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්‌තීර්ණ ණය පහසුකම මගින් සහාය ලැබෙන වැඩසටනකට අනුකූලව ස්‌වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයකට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව 2018 වසරේ ජුනි මාසයේදී හතරවන සමාලෝචනය අවසාන කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීම විධායක මණ්‌ඩලය විසින් සලකා බලනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ක්‍රියාමාර්ගය 2018 වසරේදී බලශක්‌ති මිලකරණ ප්‍රතිසංස්‌කරණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක්‌ ඇත.”

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්‌තීර්ණ ණය පහසුකමෙහි මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා රජයට මූල්‍ය අරමුදලත් සමඟ එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්‌කරණ වැඩසටහනේ අංග ඉටු කිරීමට සිදුවනු ඇත. මේ ඉන්ධන මිල සූත්‍රයත් එහි එක්‌ කරුණකි. මිල සූත්‍රය අනුමත කර ක්‍රියාත්මක කිරීමත් සමඟ දේශීය තෙල් මිල ගණන් ලෝක තෙල් මිල ගණන් සමඟ ගලපා මිල කිරීමට යැමේදී දේශීය තෙල් මිල ගණන් ඉහළ නැංවීමට සිදුවීම අනිවාර්ය දෙයකි. ඒ සමඟම ප්‍රවාහන ගාස්‌තු, ගෑස්‌ මිල ගණන්, රසායනික ද්‍රව්‍ය මිල ගණන් ඇතුළු ආර්ථිකයේ බොහෝ මිල මට්‌ටම් ඉහළ ගොස්‌ ජනතාවට දැවැන්ත මිල පීඩනයකට මුහුණ දීමට සිදුවීමද වැළැක්‌විය නොහැකිය. අලුත් ඇමැති මණ්‌ඩලයක්‌ (ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියන පරිදි විද්‍යාත්මක ඇමැති මණ්‌ඩලයක්‌) පත් කළත් මේ කියන අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත. මේ ආණ්‌ඩුවේ අවසාන කාලයේදී විද්‍යාත්මක කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත් කිරීමට ජනාධිපතිවරයාට සිතුවිල්ලක්‌ පහළ වීමෙන් පැහැදිළි වන්නේ මෙතෙක්‌ කලක්‌ තමා පත් කළේ අවිද්‍යාත්මක කැබිනට්‌ මණ්‌ඩලයන් බවද? මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර අගමැති යටතට පත් කළේත් ඒ නිසාද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More