දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවත් , එම ප්‍රවේශයන් ලබා දිය හැකි  දින වකවානු පිළිබද  (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බව නීතිපතිවරයා  (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීමට , ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අද  අභියාචනාධිකරණය හමුව් කැදවූ අතර එහිදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කරන ලදී
ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවිණි.
මෙම පෙත්සම   කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණයට දන්වා සිටියේ  පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස්  හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරැණු දක්වමින් කියා සිටියේ අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉකුත්
සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.
අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ලිපි 10 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුනත් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ  අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අවස්ථා හතක දී පමණ ඔහුට නීතිඥවරු හමුවීමට අවස්ථාව ලබා දී ඇති බවත් , ඔහුව හමුවීම සඳහා නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දීම අහිමි කර ඇති බවට මෙම පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා පිලිගත නොහැකි බවත්ය.කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු ආසාදිත තත්ත්වයකට පත්වූ අතර,  තවත් නිලධාරීන් 400 ක් පමණ නිරෝධානයට යොමු කෙරුණු බව පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ හේතුවෙන් පසුගිය දිනවල සැකකරුවන් හමුවීමට ප්‍රවේශය සලසාදීමේ ක්‍රියාදාමයේ කිසියම් අඩාල වීමක් සිදු වූබවද කියා සිටියේය.

එහෙත් මේ වන විට  තත්ත්වය පාලනය කර තිබෙන හෙයින් අත්අඩංගුවේ පසුවන නීතීඥවරයා  හමුවීම සඳහා අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා  අධිකරණය හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් , මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයිද අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ විරෝධතා මතු කරමින්  ඉල්ලා සිටියේය.මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට දිනයක් සහ වේලාවක් ලබා දීමට සූදානම් නම් තමා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට ක්‍රියා නොකරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේ අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගෙන් නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දිය හැකි දිනය සහ වේලාව අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

එම ප්‍රවේශයන් ලබා දිය හැකි  දින වකවානු පිළිබද අද (15) දින අධිකරණයට නිල වශයෙන් දැනුම් දෙන බවද අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා විනිසුරු මඩුල්ලට දන්වා සිටියේය.

ඒ සදහා පෙත්සම අද (15)  දින යළිත් කැඳවන ලෙසද  අභියාචනාධිකරණය නියම කළේය

නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ නීතීඥ චලන පෙරේරා මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති .පෙත්සමින් සඳහන් කර ඇත්තේ දැනට රැදවුම් භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවය.

අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ ද ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද පෙත්සමේ වැඩිදුරටත් සදහන් වේ.

ඒ අනුව අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ප්‍රවේශය ලබා දෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More