දේශීය පුවත්

පෑලියගොඩ පොකුරෙන් ඇරඹී ප‍්‍රබල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාත තුළ දැඩි අවදානම්කාරී බවක් තිබෙන බැවින් එළැඹෙන උත්සව සමයේ බස්නාහිර පළාතෙන් පිටතට නොගොස් සංචරණය සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 688 දෙනකු පෙරේදා දිනයේදී ද හ`දුනාගනු ලැබූ අතර එහිදී වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ති‍්‍රක්කවලිනි.

එහිදී කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයන් 200 ක්ද, කළුතරින් ආසාදිතයන් 117 ක් හා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්

133 ක් ද වාර්තා විය.

පවතින තත්ත්වය හමුවේ මේ වන විට කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක දෙක අධි අවදානම් කලාප ලෙසත් කළුතර හා මහනුවර දිස්ති‍්‍රක්ක අවදානම් කලාප ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය සිදු කළ සිතියම්ගත කිරීම් මගින් පෙන්වා දී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පෙරේදා (14 වැනිදා* සිදු කළ සිතියම්ගත කිරීම් අනුව කොළඹ දිස්ති‍්‍රක්කය පමණක් අධි අවදානම් කලාපයක් ලෙස සටහන්ව තිබුණු අතර ඒ මට්ටමට ගම්පහ දිස්ති‍්‍රක්කය ළ`ගා වී ඇත්තේ පැය විසිහතරක කාලයක් තුළදීය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 558 දෙනකු ඊයේ දහවල් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව කොරෝනා මර්දන ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

ඒ අනුව මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලබා ඇති ගණන 24867 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 9105 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බව ඊයේ සවස් වන විට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ස`දහන් කරනු ලැබීය.

මෙරට තුළ දී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ දෙකක් පෙරේදා රාති‍්‍රය වන විට වාර්තා වී තිබුණු අතර එම මරණ දෙකත් සම`ග සමස්ත කොරෝනා මරණ ගණන ද 154 ලෙස සටහන් විය.

යාපනය උඩුවිල් ප‍්‍රදේශයෙන් තවත් කොරෝනා අනුපොකුරක් මතුවෙමින් තිබියදී මූලාශ‍්‍රයක් හඳුනාගත නොහැකි අන්දමට වවුනියාව ප‍්‍රදේශයේ පාසල් දැරියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.

මෙම පාසල් දැරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් වවුනියාව රෝහලට ඇතුළත්ව සිටියදී සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හ`දුනාගෙන තිබිණි.

මේ හේතුවෙන් වවුනියාව නගරයේ පාසල් හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ද ඊයේ (15 වැනිදා* අදාළ බලධාරීහු කටයුතු කළහ. වව්නියාව දෙමළ මහ විදුහල, වව්නියාව දෙමළ මිශ‍්‍ර පාසල, ගාමිණී ජාතික පාසල සහ දෙමළ කාන්තා විදුහල මෙසේ වසා දමා ඇත.

ගම්පහ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ හත්දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.

මේ හේතුවෙන් ඔවුන් සේවය කළ රෝහල් වාට්ටුව තාවකාලිකව වසා දමා විෂබීජානුහරණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණු අතර වෛiවරයා ඇතුළුව හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනෙක්ට සහ

ගිණුම් අංශයේ අයකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතිකයන් 37 දෙනකු ඇතුළුව සේවකයන් 47 දෙනකු ද සෞඛ්‍ය අංශ ඊයේ වන විට හ`දුනාගෙන තිබිණි.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් හය දෙනකුට

පසුගියදා සිදු කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයකින් අනතුරුව පස් දෙනකුම ආසාදිත බවට හඳුනා ගැනීම නිසා එහි සියලූම සේවකයන්ට සිදු කළ පීසීආර් පරීක්‍ෂාවකින් අනතුරුව මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත.

මේ අනුව ඔවුන්ගේ ආශි‍්‍රතයන් හ`දුනාගෙන නිරෝධායනයට යොමු කිරීම ස`දහා සෞඛ්‍ය අංශ විමර්ශන අරඹා තිබේ.

කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා වූ අතර මේ හේතුවෙන් කෑගල්ල අධිකරණ සංකීර්ණය වහාම විෂබීජානුහරණය කිරීමට පියවර ගත් බව ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

අදාළ නීතිඥවරයා ඉකුත් බ‍්‍රහස්පතින්දා අවසන් වරට අධිකරණය වෙත පැමිණ ඇති අතර විෂබීජානුහරණ කටයුතු හේතුවෙන් ඊයේ දිනයේ කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු ද තාවකාලිකව නතර කර ඇත.

මේ අතර කොරෝනා ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වීම හේතුවෙන් බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය ද වසා දැමීමට ඊයේ පියවර ගැනුණි.

ඔවුන්ගේ ආශි‍්‍රතයන් සියලූ දෙනා නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

වවුනියාව මහාධිකරණ කාර්යාලයේ සේවය කළ පොලිස් නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට පත්වීම නිසා වවුනියාව මහාධිකරණය ඊයේ (15 දා* සිට නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

වවුනියාව මහාධිකරණයේ විභාග වීමට නියමිත නඩු සියල්ල ද කල් දමා තිබේ. වවුනියාව අධිකරණ සංකීර්ණයේ පිහිටි දිසා අධිකරණයට හා මහෙස්ත‍්‍රාත් අධිකරණයට ද පුද්ගලයින් පැමිණීම සීමා කොට ඇති අතර එම අධිකරණවල නඩු විභාග කල් දමා තිබේ.

පානදුර තොටවත්ත ප‍්‍රදේශය සහ මොනරාගල බඩල්කුඹුර හා අලූපොත යන ප‍්‍රදේශ ඊයේ රාති‍්‍ර සිට හුදකලා ප‍්‍රදේශ බවට පත්කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More