දේශීය පුවත්

බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15දා) පැවති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විකිණීමේ ක‍්‍රියාවලිය අරඹන පළමු පියවර කොළඹ වරාය විකිණීමයි. ඊට පස්සේ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය, එප්පාවල පොස්පේට් නිධිය සහ දැනට ඉතිරිවෙලා තිබෙන ආර්ථික වශයෙන් වැදගත් සියලූ‍ම සම්පත් විකිණීමේ කටයුත්තට ආණ්ඩුව අත ගහනවා. මීට විරුද්ධව සියලූ‍ ප‍්‍රගතිශීලි බලවේග එකට එකතුවී හඬ නැගිය යුතුයි ”‍ යැයි පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ,”නව ලිබරල් ධනවාදය අපේ රටත් සමාජයත් ඉතා බරපතළ විදිහට අසමත් තත්වයට පත් කරලයි තියෙන්නේ. මුළු රටම දැවැන්ත ණය කන්දකට ගොදුරු කරලා. ඩොලර් ඌනතාවයක විශාල වශයෙන් හිරකරලා. 2019 අවසාන වන විට ණය බර රුපියල් බිලියන 14,000ක් පමණ වෙනවා. ඉන් විශාලම පංගුව විදේශ ණය බවට පත්වෙලා. මේ නිසා ණය ගෙවා ගන්න ණය ගැනීමේ අර්බුදයකට ආණ්ඩුව පත්වී තිබෙනවා.

විවිධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව ණය ගෙවීමේ නොහැකියාව සහිත රටක් බවට නම් කරලා. ඩොලර් ණය ගෙවීමට ණය ගැනීමේ හැකියාව තිබුණු සියලූ‍ම අංශ මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අහිමි වෙලා. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම රට ගොදුරු කර ගන්න අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම ප‍්‍රබල වෙලා. රටේ සම්පත් අත්පත් කර ගැනීමේ උපාය මාර්ගයක් හැටියට කුණු කොල්ලයට ඒවා විකුණා දමන්න ආණ්ඩුවට බල කෙරෙනවා. විදේශ වත්කම් විශාල වශයෙන් අඩුවීම, ආර්ථික වර්ධන වේගය සෘණ බවට පත්වීම, විදේශ ශ‍්‍රමිකයන්ගේ ඉපයීම් සහ විදේශ සංචාරකයින්ගෙන් ලැබුණු ආදායම් බොහෝ දුරට අඩුවෙලා. මේ නිසා රට දැවැන්ත ණය අර්බුදයක ගිලී තිබෙනවා.

වර්තමාන රාජපක්ෂ පාලනයේම 2011 -2012 කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර ණය කල්පිරෙන්නේ දැන්. 2020 ඔක්තෝබර් 04 ඩොලර් මිලියන 1000ක කල්පිරුණු බැඳුම්කර ණය ගෙව්වේ විදේශ වත්කම් සංචිතයෙනුයි. 2021 ජූලි 27 වැනිදාට තවත් ඩොලර් මිලියන 1000ක ස්වෛරීත්ව බැඳුම්කරයක් කල් පිරෙනවා. ඒක ගෙවීමට ලංකාවට ඩොලර් නැහැ. අත්‍යාවශ්‍ය ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ආනයනය කිරීමට විදෙස් සංචිතයේ ඩොලර් ඕනෑ වෙනවා. මේ නිසා ආණ්ඩුව දැන් අත ගහන්නේ මෙතෙක් විකුණන්න බැරිවූ ජාතික සම්පත් විකිණීමේ ක‍්‍රියාවලියටයි. ඒ අතර, ඉතාම බරපතළව තිබෙන්නේ වරාය සහ ගුවන් තොටුපළයි.

රටක් හැටියට එවැනි පසුබිමක් තිබියදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ සූදානමක් වෙනුවෙන් බලය ආණ්ඩුව යොදවනවා. මේක ජාතික සම්පත් විකිණීමේ පෙර ගිවිසුම් අහෝසි කරනවා කියලා බලයට ආපු ආණ්ඩුවක්. චීන වරාය ගිවිසුම අහෝසි කරන බව එදා විපක්ෂයේදී කීවා. තමන්ට ඡුන්දය දුන් ජනතාවගේ, වෘත්තිය සමීතිවල හඬට පිටුපාලා කටයුතු කරමින් ඉන්නවා. වරාය අධිකාරයේ ආදායම ප‍්‍රමාණවත් නැති නිසා, නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න හැකියාවක් නැති බවයි ආණ්ඩුව කියන්නේ.

නැගෙනහිර ජැටිය වගේම ගාලූ‍ වරායට අයත් ඉඩම් විකිණීමටත් මේ වන විට සූදානම් වෙනවා. ඒ නිසා දේශපේ‍්‍රමී ජනතාව මේ තීන්දුව අකුළා ගන්නා හැටියට බල කරන්න ඕනෑ. ඒ සඳහා අපට පක්ෂයක් ලෙස කළ හැකි සියලූ‍ ක‍්‍රියාමාර්ගවලට යනවා. මේ මංකොල්ලයට එරෙහිව, ජාත්‍යන්තර භූ දේශපාලනයේ රට අනාරක්ෂිත කරන වෑයමට එරෙහිව පෙළගැහෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.” යැයි පවසා සිටියේය.

මේ අවස්ථවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතාද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More