දේශීය පුවත්

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්‍ෂවල අපේක්‍ෂයන්ට සමගි ජනබලවේගයේ නාමයෝජනා ලබානොදෙන බවත් ඒ වෙනුවට තම පක්‍ෂයට හිතවත් දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් ශක්තිමත් කර තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් ලෙස ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් කිරිමට තිරණය කල බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි

මුස්ලිම්, දෙමළ දේශපාලන නායකයන් තම පක්‍ෂයේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන නමුදු ඔවුන් හැමවිටම තම පක්‍ෂ හා ප‍්‍රතිපත්ති පවාදිමට කටයුතු කල බවද, මෙරට මුස්ලිම්, දෙමළ, දේශපාලන පක්‍ෂ දීර්ඝ කාලයක් පුරා ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ හා රටේ ජනතාව රවටමින් කටයුතු කල බවද, තවදුරටත් එම පක්‍ෂවල ප‍්‍රාණඇපකරුවන් වීමට සමගි ජනබලවේගය සුදානම් නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද කිරිඇල්ල මහතා පැවසිය.

වත්මන් රජයට පසුගිය මහා මැතිවරණයේදි තුනෙන් දෙකේ බලයක් හිමි නොවු නිසා 20 වැනි සංශෝධනය ගෙන ඒමට නොහැකිව සිටියදි මුස්ලිම් දේශපාලනඥයින් අට දෙනෙකුගේ සහය මත එය සම්මත කරගත් බවද, රටට අහිතකර ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙන ඒමට සහය දුන් මුස්ලිම් දේශපාලනඥයන් කොවිඞ් මරණ භුමදානය කිරිමට එරෙහිව බොරු විරෝධයක් මවාපාමින් සිටින බවද හෙතෙම පැවසීය.

ඔවුන්ගේ මෙම දෙබිඩි දේශපාලන පිළිවෙතට එරෙහිව මුස්ලිම් සමාජයේ විශාල විරෝධයක් මතුවෙමින් පවතින බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More