දේශීය පුවත්

ජාතික හෙළ උරුමයේ මහලේකම් ධුරයෙන් මෙන්ම එහි සාමාජිකත්වයෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ තවත් 16 දෙනෙකු ඉවත් වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත සමගි ජන පෙරමුණ පක්ෂයට එකතු වීම සඳහා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක මහතාට අමතරව ජාතික හෙළ උරුමයේ සම සභාපති ධූරය දැරූ කරුණාරත්න පරණවිතාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා නිරෝෂා අතුකෝරළ යන පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඒ අතර වේ.

රටට අවශ්‍යව පවතින නව සමාජ බලවේගයක් ගොඩ නැගීම සඳහා තමන් ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බව චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජ්‍ය සමුළුව අමතා ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව බන්දුල චන්ද්‍රසේකර මහතා ජාතික හෙළ උරුමයේ නව ලේකම්වරයා ලෙස හිටපු සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් නව සභාපතිවරයා ලෙසත් පත්ව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනඟන නව පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ වෙනත් වගකිව යුතු ධූරයක් චම්පික රණවක මහතාටද හිමි වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More