දේශීය පුවත්

2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා. ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා…

ඒ අතර විශේෂ කෙනෙක්ද උනා. ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි. ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා…

එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ ඛේදවාචකයක් මෙන්ම ඉන්දියානු ඉතිහාසයේද ශෝඛී දින කිහිපයක් බවට පත්වී තිබුණා…

පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්ඡාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි…

– කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්. ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්. කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී…

-යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා. එයත් යම්තාක් දුරට සත්‍යක්. බාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ…

-ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි…

-සිංහල භාෂාවට වඩා චතුරව ඉංග්‍රීසි සහ හින්දි භාෂා හැසිරවීම. ඉංග්‍රීසි භාෂාව පාසලෙන් හෝ උගතහැකි වූවත් හින්දි භාෂාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ.

-එවැනි වයසක දරුවෙකුට නොපිහිටන හෝ ඔහුට ඇති පහසුකම් යටතේ අධ්‍යයනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය. ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි…

පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්‍යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී. විශේෂයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය.

නමුත් ඉන්දියානු ටෙලිවිෂන් කරුවන්ගෙන්, ලංකික යූටියුබ් කරුවන්ගෙන් සහ අවස්ථාවාදී කපටින්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්.

නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා. අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍යය ඔපදැමුවහොත් රටටත් ඉන් මහඟු සම්පතක් කීර්තියක් අත්වනු නියතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More