පුරවැසි කොලම

විශේෂයෙන්, ඔබට ඇත්තේ පෙරගෙවුම් සම්භන්ධතාවයක්ද?
ඔබ Reload කරන වටිනාකම ඔබ නොදැනුවත්වම කැපී යන්නේද?
ඔබ දන්නවාද ඔබ නොදැනුවත්වම තෙවන පාර්ශව සේවා (third party services) සඳහා ඔබව සම්භන්ධ කර ඇතිබව?
ඔබ දන්නවාද මෙම තෙවන පාර්ශව සේවා දිනකට රුපියල් 5/- සිට (Hungama digital media Entertainment Company based in Mumbai India) රුපියල් 33/- (ZOOTOODaily – no results on Google search) දක්වා ඔබගේ ගිණුමෙන් කිසිදු දැනුම් දීමකින් තොරව අයකරගන්නා ගන්නා බව?

එසේ නම් වහාම ක්‍රියාත්මක වන්න, Dialog හෝ Mobitel ආයතන වලට අමතන්න, ඔබ නොදැනුවත්ව මෙම “සේවා” වලට සම්බන්ධ කර ඇත්නම් ඒවා විසන්ධි කරවා ගන්න.

පසුගිය මාස කිහිපය තුල මගේ Dialog පෙර ගෙවුම් ජංගම දුරකථන සම්බන්ධතාවය වෙනුවෙන් ගෙවන ලද රුපියල් 200/-, 500/- ඉතා ඉක්මනින් අවසන් වන බව නිරීක්ෂණය වූ අතර මා මෙම දුරකථනය එතරම් බවිතා නොකරන බැවිනුත්, මෙය පෙරට සාපේක්ෂව විශාල වෙනසක් බැවිනුත් මා 07/12/2020 දින Dialog ආයතනයෙන් විමසු විට (WhatsApp මගින්) දැනගන්නට ලැබුනේ මා යම්කිසි තෙවන පාර්ශව සේවාවකට සම්බන්ධ වී ඇති බැවින් ඒ සඳහා දිනපතා මුදල් කැපී ඇතිබවත්ය. එහිදී ඔවුන් මා හට දැන්ව සිටියේ මා එවැනි සේවාවකට subscribe කර නැත්නම් එය විසන්දි කලා හැකි බවත්ය. මගේ ඉල්ලීම මත ඔවුන් එය විසන්දි කලබව මා හට දන්නවන ලද අතර මා ඔව්න්ට දැන්ව සිටියේ මා කුමන සේවයකට සම්බන්ධ වී ඇත්ද, කවදා සිටද, කුමන සේවයක් ලබාගෙන ඇත්ද, කුමන මුදලක් මගෙන් අයකරගෙන ඇත්ද වන්න මා හට දන්නවන ලෙසයි. නමුත් එදිනම හවස Dialog ආයතනයේ යයි කියමින් කාන්තාවක් මා අමතා මා හට ආපසු ගෙවීමක් (Refund) ඇති බවත් එය ගෙවීමට අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටින ලදී. එහිදී මා හට ආපසු ගෙවීමක් අවශ්‍ය නැති බවත්, ඉහතින් ඉල්ලන ලද තොරතුරු ලබා දෙන ලෙසත් ඉල්ලාසිටි නමුත් මෙතෙක් මාහට කිසිදු පිළිතුරක් ලැබී නැත.

තව තුරටත් සොයා බැලීමේදී, මෙය මාහට පමණක් සිදු වුවක් නොවන බවත්, පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙන මෙම තත්වයට පත්වී ඇති බව දන ගන්නට ලැබුණි. මීට පෙර මාගේ Mobitel අංකයද Hungama digital media Entertainment Company based in Mumbai Indi සම්බන්ධ කර තිබු අතර එය 28/09/2018 දින Mobitel ආයතනය හරහා විසන්ධි කිරීමට කටයුතු කරන ලදී.

අන්තර්ජාලයේ, දැක්වෙන පරිදි Dialog ආයතනය මිලියන 12.7 ක හා Mobitel ආයතනය මිලියන 9 ක ලෙස එකතුව වශයෙන් මිලියන 21.7 ක පාරිභෝගික පදනමකට සේවා සපයයි. අවම වශයෙන් මින් 1,000,000 (ආසන්න වශයෙන් 1/10) මෙම තෙවන පාර්ශව සේවා සඳහා නොදැනුවත්ව සම්බන්ධ කර ඇතැයි ද දිනකට අවම වශයෙන් රුපියල් 10ක සාමාන්‍ය අගයක් අයකළහොත් එක දිනකට එකතුවන අගය රුපියල් 100,000,000/- වන බව ඉතා පැහැදිලිය. මාසයකට රුපියල් 3,000,000,000/-.

Mobitel තම වෙබ් පිටුවෙහි (https://www.mobitel.lk/self-help-codes-digital-services-vas) මෙවැනි සේවා සපයන්නන් 10ක් දක්වා ඇත. ඒවා 4864 |Hungama Fun Store, 8881 | Live Screen, 6511 | Star Friends WAP, 31230 | Mazook Fun Club, 31230 | Mazook Fun Club, 5486 | KITMANIA, 4658 | Gameloft, 1001 | Fun Zone
#229# | News Alerts Self Care Portal, 555 | VAS Information Portal වේ. මින් මාහට දැනට සොයා ගත හැකි වූ පරිදි, Hungama යනු ඉන්දියාවේ මුම්බායි සිටද, Gameloft ප්‍රංශයේ පැරිස් නුවර සිටද, යනාදී වශයෙන් ක්‍රියාත්මක වේ. Mazook Fun Club යන්න කොහේ සිට ක්‍රියාත්මක වන්නන්ක් දැයි සොයාගත නොහැකිවුවත් “Mazook Fun Club” Google Search කළවිට www.complaintboard.in, www.consumercomplaint.in, complaintwire.org වෙබ් පිටු ගණනාවක 2012 වසරේ සිට කරනු ලැබූ (unauthorized deductions) පැමිණිලි වාර්තා කරයි. මේ අනුව මෙම බොහෝ සේවා විදේශයන් හි සිට ක්‍රියාත්මක වන බව‍ට දැනට උපකල්පනය කිරීම සාධාරණ බව විශ්වාශ කරමි.

මෙසේ බලන මෙම “සේවා” සඳහා විශාල මුදලක් රටින් පිටවනු ඇතැයි පෙනී යන අතර එසේ යන්නේ රුපියල් වලින් නොවන බව ඔබ මා සමග එකග වනු ඇත. ඒ අනුව මාසයකට ඇමෙරිකානු ඩොලර් 16,666,666/- ද වසරකට ඇමෙරිකානු ඩොලර් 2,750,000,000/- මෙරටින් පිටට ඇදී යන බව පෙනේ. අඩුම ගනනේ මෙමෙ මුදල් රටට අහිමි වන්නේ ලබා ගන්නා ලද යම්කිසි සේවයකට නම් යම් යුක්ති සහගත බවක් ඇතැයි සිතිය හැක. (කෙසේ නමුත් මවිසින් මෙම ඇස්තමේන්තු කිරීමේදී රජයට ගෙවන ලද බදු හා දේශීය සමාගමට අයවන කොමිස් වැනි දෑ සැලකිල්ලට ගෙන නොමැති බව ඔබගේ කාරුණික අවදානයට යොමු කරමි).

Dialog ආයතනය තම වෙබ් පිටුවෙහි (https://www.dialog.lk/dialog-value-added-services-faqs) දක්වා ඇති පරිදි ඔවුන් මෙම සේවා උපරිම පාරදෘශ්‍ය තාවයකින් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් (Dialog constantly endeavors to provide transparency to its subscribers on the service subscriptions) තම පරිභෝගිකයන් ආරක්ෂා කිරීමට වැඩිමනත් වශයෙන් දින 90 ට පසු Dialog ආයතනය දින 90ක් තුල එකදිගට භාවිතා කර නොමැතිනම් සම්බන්ධ තාවය අවසන්කිරීමට හැකිනම් කටයුතු කරන බවත් දැන්වා සිටී (As a measure of additional customer protection, starting from 01 February 2019, Dialog will evaluate consumers that have subscribed to value added services. If a customer has not consumed the service in 90-days consecutively, where feasible, Dialog will terminate the service proactively). මෙම වෙබ් පිටුවෙහි සිංහල හෝ දෙමල භාෂාවෙන් පල කරන ලද්දක් මාහට සොයාගත නොහැකි විය.

තවත් බොහෝ කරුණු අනාවරනය වෙමින් තිබෙන නමුත් දැනට ඒ පිලිබදව අදහස් දැක්වීමෙන් වලකිමි. කාර්ය බහුලත්වය මත මෙන්ම බොහෝ විට මෙම පණිවිඩ ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවින් නොදැනුවත්ව මෙම “සේවා” වලට සම්බන්ධ වී බොහෝ අය අසරණ හෝ වික්ෂිප්ත වී සිටිය හැකි බැවින් කරුණාකර මෙම පණිවිඩය බෙදා හරින්න.

තිලක් අරුමප්පෙරුම ආරච්චි.
(අන්තර් ජාලයෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More