දේශීය පුවත්

රක්ෂණ සේවක එකමුතුවේ විධායක කමිටු සාමාජික දිවාකර මහතා 14 දින ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පාලන අධිකාරිය හොර රහසේ රක්ෂණ සංස්ථාව දෙකඩ කර සුළු පිරිසක් සතුටු කිරිමේ කාර්යක නිරතවෙමින් සිටින බවයි.ඒ අනුව මෙහි යටි අරමුණ රක්ෂණ සංස්ථාව පෞද්ගලිකරණය කිරිමේ වැඩ පිළිවෙලකට සූදානම් කිරීමදෝ යන සැකය රක්ෂණ සේවකයන් අතර මෝදු වෙමින් පවතින බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “ රටේ ඉහළම ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට විකුණන්න මිට කලින් පැවති රජයන් උත්සහා කළ. නමුත් අපි එදත් සංස්ථාවේ සියලුම සේවකයින් එකට එක්ව එයට විරුද්ධව පෙළ ගැස්සුවා.එනිසා එදා කරන්න හදපු විනාශය පසු ගිය රජය හකුලා ගත්තා” යැයි පැවසුවේය.

තවද දිවාකර මහතා “රක්ෂණ සංස්ථාව එක රජයක් විකුනා දැම්මා. අපේ සේවකයෝ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අධිනිතිඥ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර ඇමතිතුමා, අධිනිතිඥ ගරු සුමන්තිරම් මන්ත්‍රීතුමන්ලා එක්ව නඩුදාලා රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගත්තා” යැයි අවධාරණය කළේය.

කෙසේ වුවද සමරදිවාකර මහතාට අනුව මෙවර රක්ෂණ සංස්ථාව විනාශ කිරිමේ වැඩ පිළිවෙළ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට  සකසා ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ස්ථාපිත කරන්නේ 1960 අංක 02 දරණ පනතිනි. එදින පටන් මේ දක්වා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තුළ සාමන්‍ය රක්ෂණ සහ ජිවිත රක්ෂණ යන අංශ දෙකට එකට පැවැතිනි. එහෙත් ඉතාම රහසිගත ලෙස පාලන අධිකාරිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අංශ දෙකක් ලෙස ස්ථාපිත කිරිමට දැන් කටයුතු කරමින් පවති.

ඒ සම්බන්ධයෙන් අදහස් දකවමින් “අපි මෙයට විරුද්ධයි. ඒකට හේතුව තමයි මෙය විශාල මුදල් නාස්තියක් . මේ තුලින් වෙනම අධ්‍යක්ෂ මණ්ඩල, වෙනම ප්‍රධාන විධායක නිළධාරියා සිට ඉහල කළමණාකාරිත්වයක් ස්ථාපිත කර විශාල ලෙස අලුතින් තනතුරු ස්ථාපිත කරමින් වැඩි වැටුප් ලබාදි රක්ෂණ සංස්ථාව බංකොලොත් කිරිමට කටයුතු කිරිමට අවශ්‍ය මග පැදෙනවා.” යනුවෙන් දිවාකර මහතා පැවසුවේය.

දිවාකර මහතාගේ පැහැදිළි කිරීමට අනුව, මෙතරම් හදිසියෙන්  සේවකයින්ට කාර්යාලයට  පැමිණීමට නොහැකි මොහොතක හොර රහසේ මෙවැනි දේ කර සේවකයින්ගේ නැගිටිම යටපත් කර, මේ සඳහා සේවකයින් විරුද්ධ නැති නිසා සේවක විරෝධතා නැතැයි කියා දේශපාලන අධිකාරියට ඒත්තු ගැනිවිමටයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වාර්ෂිකව බදු මුදල් හැර මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන රුපියල් බිලියන 3 කට වැඩි මුදල් ගෙවයි. 2009 වසරේදී ද මෙවැනිම බෙදීමකට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලක් කිරීමට සැරසුනු මොහොතේදී එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පි.බි. ජයසුන්දර මහතා රක්ෂණ සේවක එකමුතුව වෙත ලිඛිතව ලබාදුන් ලිපියේ දන්වා ඇත්තේ “ කිසිදා රක්ෂණ සංස්ථාව විකිණිමට හෝ මෙලෙස බෙදා නොදමන බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ දිවාකර මහතා, “මෙලෙස ආයතන දෙකක් ලෙස පැවතිම තුල සාමාන්‍ය රක්ෂණ අංශය ලාභය අවමයැයි පවසා පෞද්ගලික අංශයට ලබාදිමේ වැඩ පිළිවෙලකට මග විවෘත කරනවා දැයි අප හට සැකයක් පවතිනවා. රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කළ සුරක්ෂා රක්ෂණය පෞද්ගලික ආයතනයකට ලබාදි සිදු කළ විපාකය අප දැක්කා. අවසානයේ එය නිසි කළමණාකාරිත්වයක් හා වගකිමක් එම ආයතන නොදැරිම නිසා පාසැල් දරුවන්ට ගෙවිමට තිබු වන්දි මුදල් ගෙවිමද පැහැර හැර නැවත අප රක්ෂණ සංස්ථාවටම එම වගකිම් දැරිමට සිදු වූවා. එලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කිරිමට ශක්තිය තිබුණේ මෙය රජය සතු ආයතනයක් වු නිසයි. නමුත් මෙලෙස රක්ෂණ සංස්ථාව දෙකඩ කිරිමේ යටි අරමුණ පෞද්ගලිකරණයට අත වැනිමක් නම් මෙහි සේවයකයින්ටට මෙන්ම රටේ ජනතාවගේ අභාග්‍යයක් බව අප අවධාරණය කරනවා” යැයි පැවසුවේය.

අද වන විට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මුළු සේවක ගණන 2500 කට ආසන්නය. අලෙවි නියෝජිතවරු 10,000 ක් පමණ සිටියි.

” සුලුතරයකගේ ඕනෑකමට මෙම සේවක රැකියා අනතුරට පත්කරමින් කොමිස් මුදල්වලින් තම සාක්කු පුරවන්නට පාලන අධිකාරිය හීන මැවිම සියලු සේවකයින් වෙනුවෙන් අප රක්ෂණ සේවක එකමුතුව ඉතා පිළිකුලින් යුක්තව හෙළා දකිනවා. අප දිවිහිමියෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරක්ෂා කිරිමට බැඳී සිටිනවා. ඉදිරියේදි අතිගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන්, විෂයභාර ඇමතිවරයා සහ විපක්ෂ නායකතුමන් වෙත කරුණු දැක්විමට බලාපොරොත්තු වනවා” යැයි දිවාකර මහතා පවසා සිටියේය.” මෙම අවස්ථාවට විධායක කමිටු සාමාජික කාවින්ද චතුරංග මහතාද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More