දේශීය පුවත්

කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දේශය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන බවත් එම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසත් එම අමාත්‍යාංශය පවසයි.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

තම ශරීර ප්‍රතිශක්තිය වර්ධන උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලාබා  දී ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම තවදුරටත් පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව ද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More