දේශීය පුවත්

අප‍්‍රිකානු රටක් වන ස්වාසිනි (ස්වාසිලන්තය) රාජ්‍යයෙහි අග‍්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් දලාමිනි මහතා කොවිඞ් 19 රෝගයට ගොදුරුව පෙරේදා (13දා) මියගොස් ඇත’

මියයන විට 52 වැනි වියෙහි පසුවූ අග‍්‍රාමාත්‍යවරයා පසුගිය නොවැම්බර් මාසයේ මැද තමාට කොවිඞ් 19 රෝගය ආසාදනය වී ඇතැයි මාධ්‍යයට පවසා තිබුණි’

කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතැයි ද තමාට කිසිදු අපහසුතාවයක් නැතැයි ද පවසා තිබූ අග‍්‍රාමාත්‍යවරයා මීට දින දෙකකට පෙර අසාධ්‍යව රෝහල්ගත කර තිබේ’ ඒ අනුව නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මරණයට පත්ව ඇත’

ලක්ෂ 12ක ජනගහනයක් සහිත ස්වාසිනි රාජ්‍යයෙහි මේවන විට කොවිඞ් ආසාදිතයින් 6700ක් වාර්තා වන බවත්” රෝගීන් 127ක් මරණයට පත්ව ඇති බවත් එරට රජය පවසයි’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More